වහලේ කඩාගෙන නිවස ඇතුළට වැටුණු කොටියා

තලවකැලේ, ලිඳුල, ලෝගී වත්තේ වතු කම්කරු නිවසක වහලයක් මතින් නිවස තුළට වැටුණු කඳුකර කොටියෙකු නිර්වින්දනය කර යළි කැලයට මුදාහැරි බව ලිඳුල පොලීසිය පවසනවා.

අද (05) අලුයම් කාලයේ දී මෙම කොටියා වහලය මතින් නිවස තුළට වැටී තිබෙනවා.

ඒ පිළිබඳව සොයා බැලීමට ගිය වතු කම්කරුවෙකුට ද නිවස තුළ කොටු වී සිටි කොටියා පහර දී ඇති බවයි වාර්තා වුණේ.

කොටියාගේ පහර කෑමට ලක් වූ පුද්ගලයා ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑළිය මහ රෝහලට මාරුකර යවා තිබෙනවා.

පසුව රන්දෙණිගල වන සත්ත්ව පශු වෛද්‍ය රෝහලේ පශු වෛද්‍ය නිලධාරීන් සහ වනජීවී නිලධාරීන් පැමිණ නිවස තුළ කොටු වී සිටි කොටියා මුදා ගැනීමට පැමිණියා.

වනජීවී නිලධාරීන් එම ස්ථානයට පැමිණෙන තෙක් එම සත්වයා සිටි නිවසේ දොර ජනෙල් ලී දඬු යොදා ආරක්ෂිත වටපිටාවක් සැකසීමට ප්‍රදේශවාසීන් කටයුතු කර තිබුණා.

අනතුරුව පැය හතක පමණ අධික කාලයක් දැඩි පරිශ්‍රමයක් දරා කොටියා නිර්වින්දනය කර නිවසින් පිටතට ගැනීමෙන් පසු යළි රක්ෂිතයට මුදාහැර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28