Rajapura Handi Oil
Rajapura Diabetic Powder

වසා දමා තිබූ නවගමුව පත්තිනි දේවාලය දින 12කට පසු යළි විවෘත කෙරේ

තාවකාලිකව වසා දමා තිබූ කඩුවෙල – නවගමුව පුරාණ ශ්‍රී පත්තිනි දේවාලය යළි විවෘත කර තිබෙනවා.

අප කළ විමසීමක් දී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ අද (25) පෙරවරුවේ සිට දේවාලය බැතිමතුන් වෙනුවෙන් විවෘත කළ බවයි.

දේවාල භූමිය තුළ ගැහැණු දරුවෙකු වැඩිවියට පත්වීම හේතුවෙන් පසුගිය 14 වනදා සිට පත්තිනි දේවාලය දින නියමයක් නොමැතිව වසා දමා දමනු ලැබුවා.

ඒ, අනුව දේවල භූමිය සම්පූර්ණයෙන්ම පිරිසිදු කිරීමෙන් අනතුරුව දින 12කට පසු අද (25) පෙරවරුවේ සිට යළි බැතිමතුන්ට විවෘත කර තිබෙනවා.