වසර 05කට පසු ව මෙරටට ආ සංචාරකයින් ලක්ෂ 20 සීමාව ඉක්මවයි

වසර 05කට පසු ව මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 20 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

2024 වර්ෂයේ විසිලක්ෂයේ සංචාරකයා අද (26) පෙරවරු 10.49ට මෙරටට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණි බවයි සංචාරක ප්‍රවර්ධන කාර්‍යාංශය පැවසුවේ.

බැංකොක් සිට UL 403 ගුවන් යානයෙන් මෙරටට පැමිණි මෙම විදේශිකයා ව පිළිගැනීමට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ මහතා සමඟ සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති බුද්ධික හේවාවසම් මහතා ගුවන්තොටුපලට පැමිණ තිබුණා.

සංචාරකයා පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක් ද ගුවන්තොටුපලේ Silk Route Lounge හි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය සංවිධානය කර තිබුණා.

මෙය වාර්ෂික සංචාරක පැමිණීම ලක්ෂ 20 ඉක්මවන සිව්වන අවස්ථාව වන අතර මීට පෙර ලක්ෂ 20 ඉක්මවා තිබුණේ 2016‍, 2017, 2018 වසරවල දී පමණි.

2018 වසරින් පසුව වසරක් තුළ වැඩිම සංචාරකයින් පැමිණීම වාර්තා සටහන් වන්නේ ද මේ වසරේදී යි.

දෙසැම්බර් මාසයේ පළමු දින 26 තුළ සංචාරකයන් 195,127ක් පැමිණ ඇති අතර දෙසැම්බර් 31 මධ්‍යම රාත්‍රිය වන විට සංචාරකයන් 250,000 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මීට පෙර එක් මසක් තුළ සංචාරකයන් 250,000 ඉක්මවා තිබුණේ 2019 පෙබරවාරි මාසයේ පමණි.

පාස්කු ප්‍රහාරය‍, කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් සංචාරක කර්මාන්තය බිඳ වැටුණු අතර නව රජය පත් වීමෙන් පසු සංචාරක කර්මාන්තයේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කිරීම ද විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12