එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති අජ්මාන් පාපැදි තරඟාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දෙදෙනෙකු ජයග්‍රහණ ලබා තිබෙනවා.
මෙවැනි ජාත්‍යන්තර පාපැදි තරගාවලියක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් ජයග්‍රහණය කර තිබෙන්නේ වසර අටකට පසුවයි
ඒ අනුව කිලෝමීටර් 40 ඉසව්වට සහභාගී වූ අල් තාෆ් මොහිදීන් එහි තෙවන ස්ථානය දිනා ගැනීමට සමත්ව ඇති අතර, කිලෝමීටර් 100 ඉසව්වට සහභාගී වූ ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කළ සාරංග පෙරේරා දොළොස්වන ස්ථානය දිනාගෙන තිබෙනවා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන විශාලතම පාපැදි තරගාවලි අතරින් එකක් වන අජ්මාන් තරගාවලිය රටවල් 36කින් පැමිණි පාපැදි ක්‍රීඩකයන් දහසකට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගිය 22 වැනිදා පැවැත්වුණා.
වයස අවුරුදු 50ට වැඩි ක්‍රීඩකයන් සඳහා පැවති කිලෝමීටර් 40 ඉසව්වට තරගකරුවන් 637 දෙනෙකු සහභාගී වී තිබුණා.
එහිදී අල් තාෆ් මොහිදීන් පැයයි මිනිත්තු එකක කාලයකින් තරගය නිම කරමින් තෙවන ස්ථානය හිමිකරගෙන ඇති අතර, එය ඔහු මෙතෙක් වාර්තා කළ හොඳම තරග නිම කිරීමේ කාලය ද වනවා.
මේ අතර වයස අවුරුදු 24ත් 39ත් අතර කාණ්ඩයේ පැවති කිලෝමීටර් 100 ඉසව්වට ක්‍රීඩකයන් 280 දෙනෙකු සහභාගී වී ඇති අතර, එහිදී සාරංග පෙරේරා දොළොස්වන ස්ථානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.










