වනිඳු හසරංගගෙන් සැර ප්‍රකාශයක්

කණ්ඩායමේ අඩුපාඩු නිවැරැදි කර ගනිමින් ලබන වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී අභියෝගාත්මක කණ්ඩායමක් වශයෙන් සහභාගි වන බව වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ප්‍රභලතම දඟ පන්දු යවන්නා වන වනිඳු හසරංග පවසයි.

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩය යටතේ පෙරේදා (01 වැනිදා) එංගලන්තය සමග පැවැති තරගය ලකුණු 26කින් පරාජය වීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී වනිඳු මේ බව කියා සිටියේය.

‘‘අපි ඇත්තටම අත්දැකීම් අඩු තරුණ කණ්ඩායමක්. බහුතරයක් ක්‍රීඩකයන්ගේ මේ පළමු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය. නමුත් කණ්ඩායමක් විදිහට අපි හොඳට ක්‍රීඩා කරන නිසා තමයි අනෙක් කණ්ඩායම්වලට අභියෝගයක් වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. ලබන අවුරුද්දේ නැවත විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙනවා. මේ හැකියාවන් තවදුරටත් වර්ධනය කර ගනිමින් මීළඟ ලෝක කුසලානය වෙනකොට මීට වඩා වැඩි දක්ෂතා සහිත කණ්ඩායමක් එක්ක එනවා’’යි කියා සිටියේය.

එංගලන්තය සමග පැවැති තරගයේ ලකුණු 21කට කඩුලු 3ක් දවා ගැනීමත් සමග වනිඳු තරග 32කදී විස්සයි විස්ස කඩුලු 50 සීමාවට පැමිණියේය. එමෙන්ම ලෝක කුසලාන තරගාවලියේ දවාගත් කඩුලු 14ද ඇතුළුව මෙම වසර ඇතුළත ඔහු විසින් බිඳහෙළා තිබෙන මුළු විස්සයි විස්ස කඩුලු සංඛ්‍යාව 34කි. එය සටහන් වන්නේ එක් වසරක් තුළ ක්‍රීඩකයෙක් විසින් දවාගත් වැඩිම කඩුලු සංඛ්‍යාව ලෙසයි.

එහිදී අදහස් දැක්වූ මෙවර ලෝක කුසලාන තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වන වනිඳු‘‘පාදඟ පන්දු යවන්නෙක් හැටියට එම තත්ත්වයට පැමිණීම ගැන මම සතුටු වෙනවා. .පළමු වැනි ලෝක කුසලානයේදීම මට මේ විදිහට දක්ෂතා අතරට පැමිණීමට ලැබීම සතුටුයි යනුවෙන් කීවේය.

එංගලන්තය සමග පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රාහී බලාපොරොත්තුවක් ගෙනා නායක දසුන් ශානක සහ වනිඳු හසරංග යුගලය හය වැනි කඩුල්ල සඳහා පන්දු 36 ලකුණු 53ක සබඳතාවක් පිහිටුවීය. චාමික කරුණාරත්න සහ දුෂ්මන්ත චමීරටද පන්දුවට පහරදීමේ හැකියාව පවතින බැවින් ඒ මොහොතේ සෑම පන්දුවාරයකටම ලකුණු 8ක් හෝ 9ක් රැස්කරමින් පන්දුවාර 15, 16, 17ක් දක්වා ලකුණු සබඳතාවය රැගෙන යාමට ඔවුන් සැලසුම් කළ බව වනිඳු අනාවරණය කළේය. නමුත් තමාගේ දැවීයාමෙන් කණ්ඩායමට විශාල පාඩුවක් වූ බව වනිඳු කියයි. සුපිරි කණ්ඩායම් 12 වටයේදී ආබාධයක් හේතුවෙන් මහීෂ් තීක්ෂණ වෙනුවට බිනුර ප්‍රනාන්දු කණ්ඩායමට එක් කිරීමට අමතරව ශ්‍රී ලංකා පිලේ වෙනත් ක්‍රීඩක ආදේශනයන් සිදු නොවීය. ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ අවසන් තරග හතරේදී එකම කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කළ බැවින් එංගලන්ත තරගයේදී ද එම කණ්ඩායමම ක්‍රීඩා කළ බව වනිඳුගේ අදහසයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීමේ වටයෙන්ම ඉවත් වන බවට මීට ඉහතදී අදහස් පල විය. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වනිඳු ‘එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට්වල අපේ යම් පසුබෑමක් තිබුණා. පුළුවන් තරම් කණ්ඩායමක් විදිහට බැලුවා තම තමන්ගේ හැකියාව සියයට සියයක් කණ්ඩායමට දෙන්නේ කොහොමද කියලා. ක්‍රීඩකයන් ඒ තත්ත්වයට ආ නිසා තමයි දැන් අපිට ඕනෙම කණ්ඩායමකට තරගයක් දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ’’ යි කීවේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
66
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ආණ්ඩුව ගැන තිබුණු විශ්වාසය අද නැතිවුණා
04:00
Video thumbnail
ආණ්ඩුවේ වංචාව ගැන හොයන්න ආණ්ඩුවේ කට්ටියවම පත්කරලා
02:18
Video thumbnail
පන්නපු කන්ටේනර් 323 ගැන ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරන්න ඕනේ
05:28
Video thumbnail
අර්චුනා එළියට දැම්ම පා.ම. වැටුප් ප්‍රශ්නයට නලින්ද පිළිතුරු දෙයි..අපි තරම් ආදර්ශ දීලා නෑ කවුරුත්ම
05:01
Video thumbnail
නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - රාජපක්ෂලාට බැන බැන තමන්ගේ ගිණුම්වලට සල්ලි දාගන්නවා
07:15
Video thumbnail
මාධ්‍ය නාලිකාවටනම් ලේසි වෙන්නේ නැතිවෙයි ?..ලාල්කාන්තගේ වත්කම් ප්‍රශ්නය කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි
04:25
Video thumbnail
ජාතික වෙසක් දිනය වෙනස් වෙනවද ? නලින්ද සියල්ල හෙළිකරයි
04:16
Video thumbnail
අතුරුදන් වූ මුදල ගැන හර්ෂගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
13:43
Video thumbnail
ශම්මිට ඉල්ලා අස්වෙන්න කියලා ජනපති කියලා නැහැ
03:42
Video thumbnail
සජිත්ගෙන් රටම හොල්ලන ප්‍රකාශයක් - ඩොලර් ලක්ෂ 25ක් අතුරුදන්
06:23