වන්නිල ඇත්තන්ගේ බිරිඳ කොවිඩ් ආසාදිතව මරු තුරුලට..!

වැදිනායක ඌරුවරිගේ වන්නියලැත්තන් ගේ බිරිඳ වන ඌරුවරිගේ හීන්මැණිකා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ කොවිඩ් ආසාදිත ව ප්‍රතිකාර ලබමින් සිටියදී සැප්තැම්බර් 4 දා පස්වරුවේ මිය ගියාය.

දරුවන් නව දෙනෙකුගේ මවක වන හීන්මැණිකා කොවිඩ් ආසාදිත ව මීට සතියකට පමණ පෙර රෝහල්ගත කෙරිණ.

ඇය කලක් තිස්සේ වකුගඩු ආබාධයකටද ගොදුරුව සිට ඇත.

මෑතකදී කොරෝනා වෛරසය ගැන ඌරුවරිගේ වන්නිල ඇත්තන් තම අදහස් ප්‍රකාශ කල අයුරු පහතින් නරඹන්න.