වත්කම් බැරකම් ප්‍රකාශ හැමෝටම බලන්න බැරි විදියට පනත සංශෝධනය කරන්න යයි

වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී ඇති පුද්ගලයින්ගේ එම වත්කම් බැරකම් ප්‍රකාශයන් ජනතා ප්‍රවේශය යටතේ ඕනෑම පුද්ගලයෙකුට ලබාගැනීමට පහසුකම සලසා දී තිබුණා.

කෙසේ වෙතත් එම ප්‍රජාතන්ත්‍රවාදී සාධනීය පියවර ඇතැම් වගකීම් විරහිත පුද්ගලයින් සහ ආයතන මඟින් අවභාවිත කරමින් පවතින බවයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරන්නේ.

ඒ, අනුව දූෂණ විරෝධී පනත මඟින් මෙලෙස වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර ඇති පුද්ගලයින්ගේ පෞද්ගලිකත්වයට බලපෑම් එල්ල වී ඇති බවයි ඔහු පැවසුවේ.

මේ හේතුවෙන් දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීමට පියවර ගන්නා බව සඳහන් කළ අමාත්‍යවරයා එම සංශෝධනයේ දී, ජනතා ප්‍රවේශය යටතේ වත්කම් බැරකම් ප්‍රකාශ සම්බන්ධ තොරතුරු ලබාගැනීම සීමා කිරීමට යෝජනා වී ඇති බවයි සඳහන් කළේ.

ඒ, අනුව එම සීමා කිරීමට මහජන නියෝජිතයින්ට අදාළව සිදුනොවිය යුතු පදනමේ රජය සිටින බවයි සභානායකවරයා පවසා සිටියේ.

ඒ, අනුව මහජන නියෝජිතයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ඕනෑම අයෙකුට ලබාගත හැකි ආකාරයටත්, අනෙකුත් පුද්ගලයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ඕනෑම අයෙකුට ලබාගැනීම මෙම සංශෝධනයේ දී සීමාකරන බවත් අමාත්‍යවරයා අද (06) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51
Video thumbnail
22වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජපක්ෂලාගේ නඩු විතරයි ඇහෙන්නේ ?බලය අත හැරුණොත් පරිප්පුව කන්න වෙනවා.
04:56
Video thumbnail
විධායකය විසින් අධිකරණය තමන්ට රුචි පරිදි පවත්වාගෙන යන්න යන්නේ ? චූන් වෙන්න එපා
05:45
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ? බන්ධනාගාරයට ආරක්ෂාව සපයන අයුරු පෙරහුරුවක් කරයි
01:37
Video thumbnail
ඉෂාරා සෙව්වන්දි මාංචුත් නැතුව බැංකොක් යනවා වගේ ගියේ
00:50
Video thumbnail
පාසල් ළමුන්ට විෂ මත්ද්‍රව්‍ය සහිත මදන මෝදක අලෙවිකල ජාවාරමක් කොටු
01:13