ලෝක බැංකු, ජාත්‍යත්තර මූල්‍ය අරමුදල් ප්‍රධානීන්ගෙන් ශ්‍රී ලංකාවට පැසසුම්

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ඇතුළු මෙරට ධූත පිරිස අතර සාකච්ඡාවක් අයි.එම්.එෆ් /ලෝක බැංකු වසර මැද සමුළුවට සමගාමීව පැවැත් වුණා.

ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව සහ ශක්තිමත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධව නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂවරයා මෙහිදී ශ්‍රී ලංකා රජයට ප්‍රශංසා කර සිටියා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ආරම්භයේ සිටම ශ්‍රී ලංකාව අත්කරගත් ජයග්‍රහණ ආරක්ෂා කර ගනිමින් ශක්තිමත් හිමිකාරීත්වයක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ඔහු අවධාරණය කළා.

මෙහිදී මෑතකාලීන සමාජ-ආර්ථික වර්ධනයන් සහ වැඩසටහන යටතේ සිදුකරන ලද සාර්ව ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණවල අඛණ්ඩතාව සහ ස්ථාවරත්වය සහතික කිරීමට ශ්‍රි ලංකාව සිදුකළ කැපකිරීම එහි දී පෙන්වා දුන් බවයි අමාත්‍ය සේමසිංහ පැවැසුවේ.

ශ්‍රී ලංකා ආර්ථිකයේ ස්ථාවරත්වය, වර්ධනය සහ ආයෝජන අවස්ථාවන් පිළිබඳව ජාත්‍යන්තර අවබෝධය සඳහා වූ ව්‍යාපාරික කවුන්සිලය (BCIU) සමඟ වොෂින්ටන් හි සාකච්ඡාවකට එක් වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කළා.

මෙහි දී ආයෝජකයින් සඳහා ශ්‍රී ලංකාවේ ඇති අවස්ථාවන් පිළිබඳව කේන්ද්‍රගත වූ අතර අධ්‍යාපනය, සංචාරක ව්‍යාපාරය, පුනර්ජනනීය බලශක්තිය, කෘෂිකර්මය සහ තාක්‍ෂණය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල උපායමාර්ගික ආයෝජන මගින් තිරසාර ආර්ථික වර්ධනයක් ළඟා කරගත හැකි අයුරු සාකච්ඡා කෙරුණු බවයි අමාත්‍යවරයා පැවසුවේ.

මෑත කාලීන ආර්ථික හා අනෙකුත් ප්‍රතිසංස්කරණ, ප්‍රතිඵලවලට පරිවර්තනය වී ඇති ආකාරය ඇතුළුව ශ්‍රී ලංකාව සම්බන්ධව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන හා වත්මන් සාර්ව-ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අවධානය යොමු කෙරුණා.

ශ්‍රී ලංකා ආර්ථිකයේ අවස්ථාවන් පුළුල් කිරීමට ජාත්‍යන්තර අවබෝධය සහ සහයෝගීතාව වැඩිකිරීමට සහභාගිවූවන්, පාර්ශවකරුවන් සහ ගෝලීය හවුල්කරුවන් දක්වන උනන්දුව එහි දී අවධාරණය කෙරුණා.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සඳහා විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියන් සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ අතර හමුවක් ද පවත්වා තිබෙනවා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය මෙන්ම 2024 මාර්තු මාසයේ දී එළඹුණු කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙ හි වැඩසටහනේ 2 වැනි සමාලෝචනය අවසන් කිරීම සඳහාවන ඊළඟ පියවර පිළිබඳව මෙහි දී සාකච්ඡා කළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සහ ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ පරමේෂ්වරන් අයියර් සමඟ පැවැති සාකච්ඡාවේ දී දුෂ්කර ප්‍රතිසංස්කරණ මාලාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට ප්‍රශංසා හිමිව තිබෙනවා.

ලෝක බැංකුවේ විවිධ අභ්‍යන්තර ප්‍රතිව්‍යුහගත කිරීම් සහ මෙම වෙනස්කම් ශ්‍රී ලංකාව වැනි රටවලට ප්‍රයෝජන ගත හැකි ආකාරය පිළිබඳ තොරතුරු සාකච්ඡා කෙරුණු අතර, ශ්‍රී ලංකාවට තම උපරිම සහයෝගය ලබාදෙන බවට පරමේෂ්වරන් අයියර් එහි දී සහතික වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53