ලොහාන් රිමාන්ඩ් (වීඩියෝ)

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා එළැඹෙන 07 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයට පත් කර තිබෙනවා.

ඒ අද (31) පස්වරුවේ සැකකාර හිටපු අමාත්‍යවරයාව නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදියි.

මිරිහාන පොලිසිය විසින් වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට අද පස්වරුවේ හිටපු අමාත්‍යවරයා ව රැගෙන ආවා.

ලියාපදිංචි නොකළ බවට සැලකෙන සුඛෝපභෝගී වෑන් රථයක් ළඟ තබා ගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍යවරයාව අද පස්වරුවේදියි මිරිහාන පොලිස් ස්ථානයට රැගෙන ආවේ.

ඒ සැකකාර රත්වත්තේ මහතාව අද පෙරවරුවේ ඔහුගේ ගම් පළාත වන මහනුවර – කටුගස්තොට දී අත්අඩංගුවට ගැනීමෙන් පසුවයි.

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳ වන ශෂී ප්‍රභා රත්වත්තේ මහත්මියට අයත් මිරිහාන – ඇඹුල්දෙණිය ශාලාව පාරේ තෙමහල් නිවසක නවතා තිබියදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකළ සුඛෝපභෝගී වර්ගයේ නවීන සුදු පැහැති මෝටර් රථයක් මෙලෙස පොලිස් භාරයට ගැනුණා.

එම මෝටර් රථය පොලිසිය විසින් පසුගිය 26 වැනි දින සොයාගෙන ඇති බවත් වාර්තා වනවා.

පසුව මිරිහාන පොලීසිය නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර පසුව අදාළ නිවසට ගොස් එම රථය පරීක්ෂා කර තිබෙනවා.

එහිදී හිටපු රාජ්‍ය අමාත්‍යවරයා සහ බිරිඳ පොලීසියට සාක්ෂි දී තිබුණේ, හිටපු අමාත්‍යවරයාගේ බිරිඳගේ මව අදාළ නිවසේ පදිංචිව සිටින අතර මීට දින කිහිපයකට පෙර මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ දී වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත් වූ රත්වත්තේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා සති 3කට පෙර අදාළ රථය සිය නිවසේ ගරාජයට ගෙනවිත් දැමූ බවටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට
01:21
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
01:09
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන
01:12
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ළමයි කරපු කැත වැඩේ
01:09
Video thumbnail
සීගිරී මහා විහාරයේ පොඩි හාමුදුරුවෝ සෆාරි රියදුරෝ එක්ක කැලේ ඇතුලේ කරපු දේ
03:46
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54