Empty Ad
Empty Ad
AFC Banner

ලොහාන් රත්වත්තේ අද උසාවියට

කොල්ල්ලුපිටිය පොලිසිය මඟින් ඊයේ (06) අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අද (07) අධිකරණයට හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ, අනුව ඔහුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය සඳහන් කළේ.

කොල්ලුපිටිය ප්‍රදේශයේ දී හිටපු රාජ්‍ය අමාත්‍යවරයා පැදවූ ඩිෆෙන්ඩර් රථය මෝටර් රථයක ගැටී අනතිරක් සිදුව තිබුණා.

එම අවස්ථාවේ දී හිටපු රාජ්‍ය අමාත්‍යවරයා බීමතින් සිට ඇති බවට අනාවරණය වීමත් සමඟ බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරීමේ චෝදනාව මත ඔහුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ අතර නීති විරෝධී ලෙස එකලස් කළ සුඛෝපභෝගී ජීප් රථයක් පාවිච්චි කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි මොහු ඇප ලබා නිදහස්ව පැමිණියේ පෙරේදා දිනයේදීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?