ශෂී ප්‍රභා රත්වත්තේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට

ලියාපදිංචි නොකළ සුඛෝපභෝගී මෝටර් රථයක් ළඟ තබා ගැනීමේ සිද්ධියට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ බිරිඳ වන ශෂී ප්‍රභා රත්වත්තේ ව තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ ම තැබීමට නියෝග කර තිබෙනවා.

එම නියෝගය අද (22) නුගේගොඩ – ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව ශෂී ප්‍රභා රත්වත්තේ දෙසැම්බර් 02 දක්වා රක්ෂිත බන්ධනාගාරයේ තැබෙනු ඇති.

නීතිවිරෝධී ලෙස එකලස් කළ ලියාපදිංචි නොකළ සුඛෝපභෝගී මෝටර් රථයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ දී මෙම නියෝගය නිකුත් කෙරුණා.

මෙම සිද්ධියට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ බිරිඳ නොවැම්බර් 04 වැනිදායි අත්අඩංගුවට පත් වූයේ.