සේවා ව්‍යවස්ථාවක් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද (14) සිට දින තුනක් ග්‍රාම නිලධාරීන් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.
සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර නොලැබුණහොත් ලබන මැයි මස 27 වන දින සිට දැඩි ක්‍රියාමර්ගවලට එළඹෙන බවයි ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති එකමුතුව අනතුරු අඟවනු ලැබුවේ.
පසුගිය සතියේ දින 02ක් අසනීප නිවාඩු වාර්තා කරමින් ග්‍රාම සේවා නිලධාරීන් සිය ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කළ ද මෙතෙක් ඊට කිසිදු විසඳුමක් ලැබුනේ නැහැ.
ඒ, අනුවයි ඔවුන් අද (14) සිට දින තුනක් යළි අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරනු ලැබුවේ.
මේ හේතුවෙන් ග්‍රාම නිලධාරීන්ගෙන් සේවාවන් ලබාගැනීමට පැමිණෙන මහජනතාව දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා.