පාරිභෝගිකයින් වෙත අඛණ්ඩව ගෑස් සැපයීමට අපොහොසත් වීම සම්බන්ධයෙන්, ‘ලාෆ්ස් ගෑස්’ සමාගමට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නීතිමය පියවර ගෙන තිබෙනවා.
එම සමාගමේ ගෑස් බෙදා හැරීමේ ක්රියාවලියේ පවතින අක්රමිකතා පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ලැබුණු පැමිණිලිවලට ප්රතිචාරයක් ලෙසයි මෙම පියවර ගෙන ඇත්තේ.
ඒ අනුව අදාළ සමාගමට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඊයේ (29) දින කොළඹ, අලුත්කඩේ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයේ නඩුවක් ගොනුකර තිබෙනවා.
එමෙන්ම, අදාළ සමාගම වෙත අධිකරණ සිතාසි නිකුත් කිරීමට ද අධිකරණය පියවර ගෙන තිබෙනවා.
මෙම නඩුව නැවත කැඳවීම ලබන මස 11වන දින සිදුකිරීමට නියමිතයි.
