Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ලක්ෂ විසිඑකක ගංජා සමඟ හම්බේගමුවේදී අයෙක් අත්අඩංගුවට

මොනරාගල, හම්බේගමුව ප්‍රදේශයේ ස්ථාන තුනකදී සිදු කරන ලද වැටලීම්වලදී රුපියල් ලක්ෂ විසිඑකකට අධික වටිනාකමකින් යුත්, ගංජා පැළ තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යුද හමුදා බුද්ධි අංශ ක්‍රියාකරුවන් වෙත ලද තොරතුරු මත ඊයේ (14) දිනයේ දී මෙම වැටලීම් සිදුකර තිබුණේ අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමඟ එක්වයි.

මෙම වැටලීම්වලදී පර්චස් 175ක භූමි ප්‍රමාණයක වගාකර තිබූ ගංජා පැළ 32,310ක් සොයා ගැනීමට හැකිව තිබෙනවා.

සැකකරු සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සිදු කිරීමට නියමිතයි.