spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලංකාවේ පිරිමි 35%ක් මතට ලොල් වී ඇති බව හෙළිවෙයි

මෙරට පුරුෂ ජනගහනයෙන් සියයට 35ක් මද්‍යසාරවලට ඇබ්බැහි වී ඇති බවට හෙළි ව තිබෙනවා.

මෙම දත්ත නිකුත් කර ඇත්තේ මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය විසින්.

විවිධ මද්‍යසාර සමාගම් විසින් මිනිස් ධනය සූරා කමින්, ඔවුන් ව මතට ලොල් කර ආදායම් උපයන බවයි.

එතුළින් මිනිසුන් තවත් දිළින්දන් බවට පත්වන බවයි මද්‍යසාර තොරතුරු මධ්‍යස්ථානය පෙන්වාදෙන්නේ.

අරක්කු මද්‍යසාර අතරින් වැඩිපුරම භාවිත වන බවත්, බියර් වර්ග දෙවැනි ස්ථානය ගන්නා බවත් හෙළි ව තිබෙනවා.

එක් පුද්ගලයෙකු පාවිච්චි කරන මද්‍යසාර ප්‍රමාණය ලීටර් 4.3ක් බවයි වාර්තා වන්නේ.

රටේ ආදායම වැඩි කරගැනීමට අවශ්‍ය නම්, මද්‍යසාර බදු මුදල් ප්‍රමාණය ඉහළ දැමිය යුතු බව ද ඔවුන් පෙන්වාදෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?