රෝහල අසල නිවෙස් දෙකක මහා පරිමාණ ජාවාරමක්

මනම්පිටිය රෝහල ආසන්නයේ නිවෙස් දෙකක පවත්වාගෙන ගිය මහා පරිමාන නීති විරෝධී මත්පැන් ජාවාරමක් වැටලීමට පොලිසිය සමත්ව තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ මෙම මත්පැන් ජාවරම පවත්වාගෙන ගොස් ඇති නිවෙස් දෙකම එකම පවුල්වල ඥාතීන් පිරිසක් බවයි.

එක් නිවසක පිහිටි එළු කූඩුවක මෙන්ම අනෙක් නිවසේ රෙදි සෝදන යන්ත්‍රයක් යට මෙන්ම ප්‍රධාන දොර අසල වළක් තුල සඟවා මත්පැන් අලෙවි කර ඇති බවටයි හෙළිවී ඇත්තේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ නීති විරෝධී මත්පැන් බෝතල් 67ක් ද සමගින්.

ඔවුන් අවුරුදු 25, 26, 28 සහ 29 වයස්වල පසුවනවා.

අඹු සැමි යුවළක් ද අත්අඩංගුවට ගත් සැකකරුවන්ට අයත්.

25 වියැති සැකකාර දෙදරු මව ඇතුලු සැකකරුවන් පොලිස් ඇප මත නිදහස් කර ඇති අතර හෙට පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටයි දැනුම්දී ඇත්තේ.

මෙම අඹු සැමි යුවළ මනම්පිටිය ප්‍රාදේශීය රෝහල ඉදිරිපිට නිවසේ රෙදි සෝදන යන්ත්‍රය යට සහ නිවසේ ප්‍රධාන දොරුව අසල විශාල වළක මැටි කළ සඟවා එහි මත්පැන් පැකට් සඟවාගෙන අලෙවි කර ඇතැයි හෙළිවී තිබෙනවා.

අනෙක් සැකකරුවන් දෙදෙනා මනම්පිටිය ප්‍රදේශයේ පාසලක් අසල නිවසක එළු කූඩුවක් තුල වළවල් කපා එහි සඟවා නීති විරෝධී මත්පැන් අලෙවි කර ඇති බවටයි පොලිසිය හෙළිකරගෙන ඇත්තේ.

මේ සම්බන්ධයෙන් මනම්පිටිය පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.22
52:18
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40