spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රෝහල අසල නිවෙස් දෙකක මහා පරිමාණ ජාවාරමක්

මනම්පිටිය රෝහල ආසන්නයේ නිවෙස් දෙකක පවත්වාගෙන ගිය මහා පරිමාන නීති විරෝධී මත්පැන් ජාවාරමක් වැටලීමට පොලිසිය සමත්ව තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ මෙම මත්පැන් ජාවරම පවත්වාගෙන ගොස් ඇති නිවෙස් දෙකම එකම පවුල්වල ඥාතීන් පිරිසක් බවයි.

එක් නිවසක පිහිටි එළු කූඩුවක මෙන්ම අනෙක් නිවසේ රෙදි සෝදන යන්ත්‍රයක් යට මෙන්ම ප්‍රධාන දොර අසල වළක් තුල සඟවා මත්පැන් අලෙවි කර ඇති බවටයි හෙළිවී ඇත්තේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ නීති විරෝධී මත්පැන් බෝතල් 67ක් ද සමගින්.

ඔවුන් අවුරුදු 25, 26, 28 සහ 29 වයස්වල පසුවනවා.

අඹු සැමි යුවළක් ද අත්අඩංගුවට ගත් සැකකරුවන්ට අයත්.

25 වියැති සැකකාර දෙදරු මව ඇතුලු සැකකරුවන් පොලිස් ඇප මත නිදහස් කර ඇති අතර හෙට පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටයි දැනුම්දී ඇත්තේ.

මෙම අඹු සැමි යුවළ මනම්පිටිය ප්‍රාදේශීය රෝහල ඉදිරිපිට නිවසේ රෙදි සෝදන යන්ත්‍රය යට සහ නිවසේ ප්‍රධාන දොරුව අසල විශාල වළක මැටි කළ සඟවා එහි මත්පැන් පැකට් සඟවාගෙන අලෙවි කර ඇතැයි හෙළිවී තිබෙනවා.

අනෙක් සැකකරුවන් දෙදෙනා මනම්පිටිය ප්‍රදේශයේ පාසලක් අසල නිවසක එළු කූඩුවක් තුල වළවල් කපා එහි සඟවා නීති විරෝධී මත්පැන් අලෙවි කර ඇති බවටයි පොලිසිය හෙළිකරගෙන ඇත්තේ.

මේ සම්බන්ධයෙන් මනම්පිටිය පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?