රෝහලෙන් හෝටලයට ආ ශුබ්මන් ගිල් අද තරගයටත් නැහැ

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගය අද (11) දිල්ලි නුවර අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙම තරගය සඳහා ද ඉන්දීය ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් එක් නොවන බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් අද තරගයයේදීත් රෝහිත් ශර්මා සමඟ ඉන්දීය ඉනිම ආරම්භ කිරීමේ වගකීම ඉෂාන් කිෂාන්ට හිමිවනු ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකර සිටි ගිල් මේ වනවිට චෙන්නායි හි හෝටලයට පැමිණ ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් ශුබ්මන් ගිල් මෙලෙස රෝහල් ගත කිරීමට පසුගිය දා පියවර ගෙන තිබුණා.

මේ අතර ගිල් සම්බන්ධයෙන් ඉන්දීය පිතිකරණ පුහුණුකරු වික්‍රම් රතෝර්ගෙන් මාධ්‍යවේදීන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී ඔහු සඳහන කළේ ඔහු ඉක්මන් සුවය ලබා යළි කණ්ඩායම සමඟ එක්වනු ඇති බවයි.

එමෙන්ම ඉන්දීය පිතිකරණ ලැයිස්තුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් වික්‍රම් පැවසුවේ මෙවැන්නක්.

“අපිට මේ වන විට ඉතා පළපුරුදු පිතිකරණ ඒකකයක් ඉන්නවා.හැමෝම දන්නවා මේ ආකෘතියේ ක්‍රීඩා කරන්න ඕනේ කොහොම ද කියලා. අපිට මේ වන විට ඉතා ස්ථාවර පිතිකරණ ඒකකයක් තිබෙනවා. සෑම කෙනෙකුටම තමන්ගේම ක්‍රමයක් තිබෙනවා. අපි ඔවුන්ට ක්‍රීඩා කිරීමට අවශ්‍ය ආකාරයට ක්‍රීඩා කිරීමට නිදහස ලබා දෙනවා. නමුත් සෑම කෙනෙකුටම තමන්ගේම ක්‍රීඩා විලාසයක් තියනවා. ඔවුන් ක්‍රීඩා කර ඔවුන්ටම පිටුබලය දෙනවා නම් අපි විශ්වාස කරනවා අපි සාක්ෂාත් කර ගැනීමට බලාපොරොත්තු වන දේ සාක්ෂාත් කර ගන්න ”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20