රෝයල් පාක් චූදිතයාට සමාව දුන් හිටපු ජනපති මෛත්‍රීට නොතීසි

රෝයල් පාක් මිනී මැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ජයමහ යන අයට ලබාදුන් ජනාධිපති සමාව අහෝසි කිරීමෙන් අනතුරුව රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙස අධිකරණය විසින් දුන් නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම සම්බන්ධයෙන් අප්‍රේල් මස 29 වන දා අධිකරණය හමුවේ පෙනී සිට හේතුව ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට නොතීසි නිකුත් කරනු ලැබුවා.

පසුගිය වසරේ ජුනි 06 වැනිදා කාන්තා හා මාධ්‍ය එකමුතුව සංවිධානය ගොනු කර තිබූ පෙත්සමක් විභාගයට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය රෝයල් පාක් ඝාතන විත්තිකරුට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් සමාව ප්‍රදානය කළ ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නිගමනය කරමින් අදාළ සමාව බල රහිත කරන බවට නියෝගයක් නිකුත් කළා.

එමෙන්ම එදින නඩුවේ තීන්දුව දුන් විනිසුරු මඬුල්ල විත්තිකරුට ජනාධිපති සමාව ලබාදීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව නිගමනය කරමින් ජනාධිපති සමාව ලබා දුන් එවකට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන හට රුපියල් මිලියනයක වන්දියක් නියම කළ අතර, එය මාසයක් තුළ ගෙවා අවසන් කරන ලෙස නියෝග ලරනු ලැබුවා.

ඒ, අනුව පෙත්සම අද (11) කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන සඳහන් කළේ මෛත්‍රිපාල සිරිසේන විසින් වන්දි මුදල මේ දක්වා ගෙවා නොමැති බවයි.

ඒ, අනුව එම කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල නියම කළ වන්දි ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිට දඬුවම් නොකිරීමට හේතුව ඉදිරිපත් කරන ලෙස දන්වා මෛත්‍රිපාලි සිරිසේන වෙත නොතීසි නිකුත් කිරීමට නියෝග කළා.

රාජගිරිය රෝයල් පාර්ක්‌ සුපිරි නිවාස සංකීර්ණයේ දී 2005 වසරේ ජූනි 30 වෙනිදා 19 හැවිරිදි ඉවෝන් ජොන්සන් නමැති තරුණිය ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කළ දොන් ශාමන්ත ජූඩ් ඇන්තනි ජයමහ යන අයට 2012 වසරේ හත්වැනි මස 11 වන දින අභියාචනාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කළා.

ඉන් පසුව 2019 වසරේ නව වැනි මස 11 වැනිදා විත්තිකරුට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති සමාව ලබාදුන් අතර එම ජනාධිපති සමාව පසුගිය වසරේ ජුනි 06 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය බල රහිත කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30