රුසියානු සමූහාණ්ඩුවේ අභිචෝදක ජෙනරාල් ගුට්සාන් ඇලෙක්සැන්ඩර් ඊයේ (25) දින රාත්රීයේ මෙරටට පැමිණියා.
ඒ, රුසියාවට අයත් විශේෂ ගුවන් යානයකින්.
ඔහු සමඟ මෙම සංචාරය සඳහා දූත පිරිස ලෙස තවත් 21 දෙනෙකුගෙන් යුතු නිලධාරීවරුන් පිරිසක් ද පැමිණ සිටියා .
ඔවුන් ඊයේ (25) දින රාත්රී 08.47 ට රුසියාවේ මොස්කව් නුවර සිට, රුසියාවට අයත් ආර්.එස්.ඩී.- 306 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
ඔවුන් වෙනුවෙන් දැඩි ආරක්ෂාවක් කටුනායක ගුවන් තොටුපොළ තුළ යොදවා තිබුණා
