රුමේෂ් තරංගේ නිවසට යන මාර්ගය මිලියන 08ක වියදමින් සංවර්ධනය කෙරේ

ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග පදිංචිව සිටින මිල්ලනිය ප්‍රදේශයේ ඔහුගේ නිවසට පිවිසෙන මාර්ගය රජයේ වියදමින් සංවර්ධනය කිරීමට කටයුතු යොදා තිබෙනවා.

මේ සඳහා ඇස්තමේන්තුගත කර ඇති මුදල රුපියල් ලක්ෂ 80ක් වන අතර, ඒ සඳහා වන ප්‍රතිපාදන වෙනුවෙන් රජයේ අනුමැතිය හිමිව ඇති බව මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කියා සිටියා.

ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ (13) දිනයේ පැවති මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ මාසික සභා වාරයේදීයි.