රුපියල් හයකෝටිය ඉක්ම වූ කුෂ් සමග දෙදෙනකු අත්අඩංගුවට

රුපියල් හයකෝටි හැටතුන් ලක්ෂයක් වටිනා ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළෙන් පිටකර ගෙන යමින් සිටි ගුවන් මගීන් දෙදෙනෙකු, ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (20) දහවල් අත්අඩංගුවට ගනු ලැබුවා.

මොවුන් අතරින් පළමු ගුවන් මගියා කොස්ගම – සාලාව යුද හමුදා කඳවුරේ දැනට සක්‍රීය සේවයේ නිරත හම්බන්තොට – කටුවන ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.

අනෙක් ගුවන් මගියා අම්පාර – මහඔය ප්‍රදේශයේ පදිංචි රක්ෂණ ආයතනයක සේවයේ නිරත 30 හැවිරිදි කාන්තාවක් බවයි ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

ඔවුන් දෙදෙනා අද දහවල් 10.45ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මළු දෙක තුළ මෙම ‘කුෂ්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 06යි ග්‍රෑම් 630ක ප්‍රමාණයක් සූක්ෂ්ම ලෙස සඟවා තිබූ බවත් නිරීක්ෂණය වී තිබුණා.

සැකකරුවන් අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර; රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා අවසර ලබා ගැනීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Mr. ටින් ටින් නෝන්ඩි හිනාවක් දාලා කිව්ව දේ තිස්සකුට්ටි කියයි..වැඳලා කියන්නේ NPP එකට මෙහෙම කරන්න එපා
03:57
Video thumbnail
මුලින් එන්නේ නැහැ කිව්ව මුදල් ලේකම් පාර්ලිමෙන්තුවට ආපු හැටි..පාර්ලිමේන්තුව අසළ නවතම දර්ශන
01:46
Video thumbnail
මහින්දටත් හිනා ගිය උමන්දාවේ හිමිගේ සැර හින්ට් එක..ඉතුරු වෙච්චා කන්නද කියන්නේ ?
02:45
Video thumbnail
නාමල් කැමති අසූචි මතින් දේශපාලනය කරන්නද ?..නාමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
03:06
Video thumbnail
සභාපති වූ ඉරාන් ප්‍රථම වරට මාධ්‍යට කිව්ව දේ..අපි ආවේ දේශපාලනයක් කරන්න නෙවෙයි
03:26
Video thumbnail
උමන්දාවේ අලුත්ම වැඩේ බලන්න ගිය හිටපු ජනපති මහින්ද.."පවතින රජයෙන් කිසිම සහයක් අපිට නැහැ"
03:59
Video thumbnail
සජිත්ගේ බිරිඳ ජලනි සජබ මැයි රැළිය ගැන පූර්ණ අධීක්ෂණයක් කරන හැටි..විපක්ෂ නායක ගැම්මට එන හැටි
02:33
Video thumbnail
හෙට හැමෝටම පෙනෙයි කැම්බල් පිටියේ සෙනඟ..ඉවසන් හිටියම ඔළුවට අත හෝදනවා
03:47
Video thumbnail
චාමරට යකා නගියි..SLFP එකේ මෙච්චර කල් අපි පොල් ගාලා නෑනේ..අපිත් ජනපතිලා හදපු මිනිස්සු
02:03
Video thumbnail
හිටපු ජනපති මහින්දගෙන් ආණ්ඩුවට සැර සත්තමක්..මේක නොහැදිච්ච කමනේ..විපක්ෂය කියලා අපිව කොන් කරන්න එපා
02:04