රුපියලට සාපේක්ෂව ඩොලරයේ වටිනාකම ගූගල් එකට වරදී

ලෝක ප්‍රකට ගූගල් සෙවුම් යන්ත්‍රය විසින් ශ්‍රී ලංකා රුපියල් අගය තවදුරටත් වර්ධනයක් කර ඇති බව අද පෙන්නුම් කර තිබුණා.

එම වෙබ් අඩවියට අනුව ඇමරිකානු ඩොලරය ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව රුපියල් 236 දක්වා පහත බැස ඇති බවයි සටහන් වුයේ.

කෙසේවෙතත් එය නිවැරදි තොරතුරක් නොවන අතර අද දිනයේ ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයට අනුව ඩොලරයක ගැනුම් අනුපාතිකය සටහන් වූයේ රුපියල් 318.27ක් ලෙසටයි. එහි විකුණුම් මිල රුපියල් 336 ලෙස සටහන් වී තිබුණා.

එමෙන්ම බ්‍රිතාන්‍ය පවුමක් ද ගූගල් වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ රුපියල් 293ක් ලෙසටයි. කෙසේවෙතත් පසුව ටික වේලාවකින් එය නිවැරදි කර තිබුණා.

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද තවදුරටත් අවප්‍රමාණය වී ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කර තිබුණේ.

එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය ඊයේ පැවතියේ රුපියල් 317.71ක් ලෙසටයි.

තවත් විදේශ මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව රුපියලද අද දිනයේදී සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වී තිබුණා.

Dollars 1
WhatsApp Image 2023 03 31 at 21.04.12
Central Bank 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?