රිලවුන් ගැන කිතුල් කර්මාන්තකරුවන්ගෙන් පැමිණිළි

රිලවුන් විසින් සිදු කරන හානිය හේතුවෙන් මෙරට බොහෝ ප්‍රදේශවල කිතුල් කර්මාන්තය මුළුමනින්ම විනාශ වීමේ තර්ජනයට ලක්ව ඇතැයි කිතුල් කර්මාන්තකරුවන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පැමිණිලි කර තිබෙනවා.

ඊයේ දිනය පුරාම කෘෂිකර්ම අමාත්‍යවරයා ඇහැලියගොඩ හා රත්නපුර රත්ගඟ ප්‍රදේශවල කිතුල් කර්මාන්තකරුවන්ගේ ගැටළු සම්බන්ධව සොයා බැලීම සඳහා ගම්මාන රැසකට ගිය බවයි එම අමාත්‍යංශය ප්‍රකාශ කළේ.

ඒ සෑම ගමකම කිතුල්කර්මාන්තකරුවන් තම කර්මාන්තයට රිලවුන්ගෙන් එල්ල වී ඇති බලපෑම සම්බන්ධව අමාත්‍යවරයාට කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

තමන් මහත් අසීරුතා මධ්‍යයේ කිතුල් මල් කපා පැණි ලබා ගැනීමට සිදු කරන කටයුතු රිළවුන් විසින් මොහොතකින් විනාශ කරන බවත්, ඇතැම් විට දවසට එක පැණි බෝතලයක් හෝ ලබා ගැනීමට නොහැකි වන පරිදි කපන ලද කිතුල්මල් කඩා දමා ඊට එල්ලා ඇති රා මුට්ටි විනාශ කරන බවත්, රිළවුන් දහස් ගණනක් මේ වනවිට එම ප්‍රදේශවල සැරසරමින් මෙම විනාශය කරන බවත් එම කර්මාන්තකරුවන් පෙන්වා දෙනු ලැබුවා.

එමනිසා කෙසේ හෝ මෙම විනාශය අවසන් කර දෙන ලෙසටයි ඔවුන් අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත්තේ.

ඊයේ (12) පස්වරුවේ ඇහැලියගොඩ ප්‍රදේශයේ හා රත්නපුර ප්‍රදේශවල කුඩාපරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩ සටහන මගින් ක්‍රියාත්මක කර තිබෙන කිතුල් සංවර්ධන ව්‍යාපෘති අමාත්‍යවරයා නිරීක්ෂණය කරනු ලැබුවා.

කුඩාපරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩ සටහන යනු IFAD හෙවත් කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදලෙහි ආධාර යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවත්වාගෙන යනු ලබන ව්‍යාපෘතියක්.

ඇහැලියගොඩ කිතුල් නිෂ්පාදන ව්‍යාපෘතිය යටතේ නිෂ්පාදනය කරනු ලබන කිතුල් පැණි, කිතුල් හකුරු හා කිතුල් රා මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය, ඩුබායි, ස්විට්සර්ලන්තය හා උතුරු කොරියාව ඇතුළු රටවල් හතරකට අපනයනය කරනු ලබනවා.

මේ වනවිට රටේ සමස්ත කිතුල් කර්මාන්තය තුළින් මෙරටට ලැබෙන ආදායම රුපියල් මිලියන 50,000කට අධිකයි.

රිලවුන්ගෙන් සිදුවන හානිය සම්බන්ධව අදහස් පළ කළ අමාත්‍යවරයා කියා සිටියේ චීනයේ පුද්ගලික සමාගමක් විසීන් ඔවුන්ගේ සත්වෝද්‍යාන සඳහා මෙරට රිළවුන් ලබා දෙන ලෙස ඉල්ලිමක් කර ඇති බවයි. නමුත් ඊට ඇතැම් පරිසර සංවිධාන දැක්වූ විරෝධය නිසා තාවකාලිකව එම වැඩ පිළිවෙළ නැවතී ඇතත්, පවතින නෛතික කටයුතු විසඳා ගැනීමෙන් අනතුරුව එම වැඩ පිළිවෙළ යළි අරඹන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

රිලවුන්ගෙන් සිදුවන හානි වළක්වා ගැනීම සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙස අපි පරිසර සංවිධානවලින් ඉල්ලීමක් කළා. ඔවුන් දුන් විසඳුම් තමයි වගාවන් වට කර සාරි එල්ලීම, රිළවුන් වඳ සැත්කම්වලට ලක් කිරීම, උපත් පාලන ක්‍රම හඳුන්වා දීම වගේ දේවල්. ඒ වගේම සමහරු කිව්වා ගොවීන් වගා කරන සෑම ගොවිපළකින්ම අක්කර භාගයක් රිළවුන්ට කෑම සඳහා වෙන් කරන්න කියලා. මේවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි දේවල් නොවෙයි. නමුත් අද මුළු රටේම විවිධ වගාවන්ට රිළවුන්ගෙන් එල්ල වී ඇති තර්ජනය දෙස බලන විට තව ටික කාලයකින් මිනිස්සුන්ට පාරට බහින්න බැරි තත්ත්වයක් උද්ගත වේවි. ඒ නිසා මෙම ගැටළුවට කුමක් හෝ විසඳුමක් ලබා දීමට කටයුතු කරනවා. වාර්ෂිකව රිළවුන් ගෙන් සිදුවන හානිය නිසා මෙරට වගාවන්වල හානියේ වටිනාකම රුපියල් මිලියන 31,000 ඉක්මවන බව කරන ලද ඇස්තමේන්තුවලින් අනාවරණය වෙනවා. කොහොම වුනත් රිළාගහනය පාලනය කරන්න හොඳින් හෝ නරකින් යම් වැඩ පිළිවෙළක් අපිට රජය වශයෙන් අනුගමනය කරන්න සිදුවෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55