රිය අනතුරකින් සයදෙනෙකුට තුවාල – තිදෙනෙකුගේ තත්ත්වය බරපතළයි

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොළ – තෝලංගමුව ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් සයදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

අද (30) උදෑසන මෙම අනතුර සිදු ව ඇත්තේ බස් රථයක්; ලොරි රථයක හා වෑන් රථයක ගැටීමෙන් බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ දී වෑන් රියෙහි ගමන් කරමින් සිට ඇත්තේ භික්ෂූන් වහන්සේ නමක්, රියදුරු හා කාන්තාවක් වන අතර ඔවුන් බරපතළ තත්ත්වයේ පසුවන බවයි වරකාපොළ පොලිසිය සඳහන් කළේ.

තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කෙරුණා.

බස්රථ රියදුරුගේ අපරීක්ෂාකාරී රිය ධාවනය මෙම අනතුරට හේතුව බව පොලිසිය පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහානායකහිමියන්ලා දෙබිඩි පිළිවෙතක්ද අනුගමනය කරන්නේ ?නෑ නේද ? ඒ ප්‍රශ්නය Thumbnail කරන්න එපා
05:36
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි - ආණ්ඩුව IMF එකේ සුරතලා වෙලා
10:51
Video thumbnail
මහානායකහිමියන්ගේ ලිපිය ඇයි මාධ්‍යයට නිකුත් නොකළේ ?මේක කරන්න එපා කියලද තිබ්බේ ?
05:02
Video thumbnail
වැරදි කරපු කරපු දඬුවම් ලැබෙනවා - ඒකට තමයි විපක්ෂය බයවෙලා ඉන්නේ
07:25
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:32
Video thumbnail
බන්ධනාගාර ගැන ශෂීන්ද්‍ර රාජපක්ෂ කළ ප්‍රකාශයට නලින්දගෙන් සැර පිළිතුරක් - පිටුපස සිටින්නේ කවුද ?
02:46
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:42
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:36
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසා නෙවෙයි ඇමති අයින් වුණේ - ඊළඟ ගල් අඟුරුවලට සහතිකයක් දෙන්න පුළුවන්ද ?
03:04
Video thumbnail
විපක්ෂය නටන මේ නාඩගම අපි නවත්වනවා
05:21