රින්කු සිං අවසන් මොහොතේ ඉන්දියාවට ජයගෙන එයි (වීඩියෝ)

ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර තරග පහකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය ඊයේ (24) විශාකාපට්නම් හිදී පැවැත් වුණා.

මෙම තරගය ඕස්ට්‍රේලියාව පරදා අවසන් පන්දුවාරයේ දී ජයගන්නට සත්කාර ඉන්දීය කණ්ඩායමට හැකියාව ලැබුණා.

කාසිය වාසිය දිනූ ඉන්දීය නායක සූර්යකුමාර් යාදව්ගේ ආරාධනයෙන් ඕස්ට්‍රේලියාව පළමු ලකුණු රැස් කිරීම ආරම්භ කළා.

මෙහිදී ඕස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 208ක් සිය ලකුණු පුවරුවට එක් කිරීමට සමත් වුණා.

එහිදී මෙම තරගයේ දී ආරම්භක පිතිකරුවක් ලෙස පිටියට පිවිසි ස්ටීවන් ස්මිත් ලකුණු 53ක් රැස්කළ අතර, වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ජොෂ් ඉන්ග්ලිස් පන්දු 50ක් තුළ ලකුණු 110ක් රැස් කළා.

නවක ක්‍රීඩකයින් රැසක් සමඟින් ඉන්දීය කණ්ඩායම මෙම තරගාවලිය එක්ව සිටින අතර, ඊයේ තරගයේ දී රවී බිෂ්නෝයි සහ ප්‍රසිද් ක්‍රිෂ්ණා එක් කඩුල්ල බැඟින් බිද දැමුවා.

අනතුරුව ලකුණු 209ක ඉලක්කයක් හඹා යාමට ඉන්දීය කණ්ඩායම පිටියට පිවිසියා.

එහිදී ඉන්දීය ආරම්භක පිතිකරු රුතුරාජ් ගයික්වාඩ් ලකුණු නොලබාම දැවී ගිය අතර, යෂස්වි ජයිස්වාල් ලකුණු 21ක් රැස් කළා.

ඔවුන් දෙදෙනාගේ දැවීයාමෙන් අනතුරුව ඉෂාන් කිෂාන් සහ සූර්යකුමාර් යාදව් ඉන්දියාව ජයග්‍රහණය කරා යන ගමනේ මාවත සැකසූ අතර, එහිදී ඉෂාන් කිෂාන් ලකුණු 58ක් රැස් කිරීමට සමත් වුණා.

නායකත්වයේ ඉනිමක් දියත් කළ සූර්යකුමාර් යාදව් පන්දු 42ක් තුළ ලකුණු 80ක් රැස්කළ අතර, ඔහුගේ ඉනිමට හයේ පහර 04ක් සහ හතරේ පහර 09ක් ඇතුළත්.

අවසන් පන්දුවාරයේ දී ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට රින්කු සිං කටයුතු කළේ ඉන්දීය ඉනිමේ 20 වන පන්දුවාරයේ අවසන් පන්දුවට දැවැන්ත හයේ පහරක් එල්ල කරමින්.

කෙසේ වෙතත් වේග පන්දු යවන ක්‍රීඩක ෂෝන් ඇබට් යොමුකළ එම පන්දුව පසුව නිපන්දුවක් ලෙස ද විනිසුරුවරුන් තීරණය කරනු ලැබුවා.

ඒ, අනුව ඉන්දීය කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 05ක් තුළ කඩුලු 08ක් දැවී ලකුණු 209ක් රැස්කරමින් මෙම තරගයේ ජයග්‍රහණය හිමිකර ගත්තා.

මෙම ජයත් සමඟ තරග 05කින් සමන්විත තරගාවලිය තරග එකට බිංදුවක් ලෙස ඉන්දියාව මේ වනවිට පෙරමුණ ගෙන සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩි මිලට ඉන්ධන ගැනීම ගැන සජිත්ගෙන් සැර කතාවක් - රටේ සංචිතවලට අගතිගාමී බලපෑමක් වෙලා
19:49
Video thumbnail
FIFA 2026 තව තවත් උණුසුම් වෙයි - ප්‍රබල ජර්මනියට සහ අමෙරිකාව අන්ත අසරණ වෙයි
02:06
Video thumbnail
ගර්භණී කාලයේ මවකට හෙරෝයින් නිරාවරණය වුණොත් වෙන දේ මෙන්න - උපතින් හෙරෝයින්වලට ඇබ්බැහිවෙලා උපදින්නේ
02:18
Video thumbnail
දෙමව්පියෝ දරුවන්ගේ වැරදි වහනවා..වැරැද්ද පෙන්නුවනම් බන්ධනාගාරයේ මෙච්චර නෑ
03:56
Video thumbnail
බන්ධනාගාරයේ ඇත්තටම සිදුවෙන දේ මෙන්න..ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට - මිනිස්සුන්ව යුද්දයට යැව්වා
09:11
Video thumbnail
ලියනගේමුල්ලේ සිදුවූ බිහුසුණු අනතුර - ත්‍රීවිල් රථ රියදුරුට බරපතළ තුවාල - සංවේදි අය නැරඹීමෙන් වළකින්න
02:16
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:14:00
Video thumbnail
මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුණ කෙනා ලි#ගිකව එක්වීමේ කැමැත්තක් නෑ - මනුස්සයාගේ සතුටේ සීමාවන් කොටු කරගන්නවා
04:19
Video thumbnail
ළමා මනසට මත්ද්‍රව්‍ය රකුසා ඇතුළු වෙන හැටි කිව්ව නි.පොලිස්පති - ආදරය පිරෙව්වනම් ඇතුළු වෙන්නේ නෑ
03:53
Video thumbnail
දොඩම්ගොඩදී වාහන 5ක් ගැටී බිහිසුණු අනතුරක් - මෙන්න දැන් ලැබුණු දර්ශන
00:44