රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති කිහිපයක් විසින් ආණ්ඩුවට එරෙහිව අද (23) දිනයේ ක්‍රියාත්මක කළ විරෝධතාව සදාචාර නොවන බවත් එය ගුණමකුකමක් බවත් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසනවා.
අද දිනයේ රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති කිහිපයක් විසින් 2027 අයවැයට එරෙහිව පැවැත්වූ ජාතික විරෝධතා දිනය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
ඉතිහාසයේ වැඩිම වැටුප් වැඩිවීමක් ලබාදුන් ආණ්ඩුවට එරෙහිව පාරට බැසීම සහ කළු ඇඳීම කෙතරම් සදාචාරාත්මක යන්න ඔහු මෙහිදී ප්‍රශ්න කර සිටියා.
වැටුප අවස්ථා තුනකදී ඉහළ දැමීමට කටයුතු කර ඇති අවස්ථාවක ඇතැම් වෘත්තීය සමිති වර්ජන ක්‍රියාමාර්ගවලට එළැඹීම සාධාරණ නොවන බවයි ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ.










