රන් ආලේප කර ව්‍යාජ ස්වර්ණාභරණ උකස් කර මුදල් ගැරූ කාන්තාවක් සිපිරිගෙට

රන් ආලේප කර ව්‍යාජ ලෙස සකස් කරන ලද ස්වර්ණාභරණ උකසට තබා මුදල් ලබාගත් කාන්තාවක් හැටන් පොලිසිය විසින් ඊයේ (24) දින අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (25) දින ඉදිරිපත් කළ අවස්ථාවේ එම සැකකාරිණිය ව ලබන මස 09 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හැටන් මහේස්ත්‍රාත් එම්.ෆරුක්ඩින් මහතා නියෝග කර තිබෙනවා.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ වටවල පොලිස් වසමට අයත් වැලිඔයවත්තේ පදිංචි 48 හැවිරිදි තිදරු මවක්.

කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරත ව සිටින සැකකාර කාන්තාව රන් ආලේපිතව ව්‍යාජ ලෙස සකස් කරන ලද කුඩා මුදු, පංචායුද, කරාබු ආදිය හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රධාන නගරවල පිහිටි උකස් මධ්‍යස්ථාන, රාජ්‍ය සහ පෞද්ගලික බැංකු වෙත රැගෙන ගොස් උකස් කර මුදල් ලබා ගැනීමේ ජාවාරමක් කලක සිට සිදු කරගෙන ගොස් ඇති බවයි හෙළි ව ඇත්තේ.

උකස් ගන්නා රන් ආභරණ පරීක්ෂා කරන යන්ත්‍රවලට පවා හසු නොවන ආකාරයට මෙම ව්‍යාජ ස්වර්ණාභරණ සකස් කර ඇති බවත්, එම කාන්තාව එසේ සකස් කරන ලද ව්‍යාජ මුදු කිහිපයක් හැටන් නගරයේ පෞද්ගලික උකස් මධ්‍යස්ථානයක උකස් කිරීමට පැමිණි අවස්ථාවේ ඒ පිළිබඳ ව සැක සිතී එම උකස් මධ්‍යස්ථානයේ හිමිකරු හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශයට කළ දැනුම්දීමක් මත අත් අඩංගුවට ගැනීම සිදු කෙරුණා.

සැකකාර කාන්තාව විසින් මෙම ජාවාරම කාලයක් තිස්සේ සිදු කරගෙන ගොස් විශාල මුදලක් උපයාගෙන ඇති බවත්, සැකකාරිණිය විසින් හැටන් නගරයේ මෙවැනි ආකාරයට උකස් තැබූ ව්‍යාජ රන් ආභරණ පොලිස් භාරයට ගැනීමට කටයුතු කර ඇති බව හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් ජයසේන මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාද්දුව වාහන සේවා මධ්‍යස්ථානයක දෙපිරිසක් අතර දැඩි උණුසුමක්.."මේක මගේ ගම..මම මේකෙ මන්ත්‍රී කෙනෙක්"
02:22
Video thumbnail
අපි NPP එක පරාජය කළා..මට හරිම සන්තෝසයි..රත්නපුර ම.නගර සභාවේ මාලිමාවේ මංගල අයවැය පරාද වෙයි
11:36
Video thumbnail
මාදෙනියට ගිය නාමල්ව දැක්ක මිනිස්සු නාමල්ව වටකරගෙන දුක කියයි.."මුන්ට බැනලත් බෑ නොබැනත් බෑ"
05:02
Video thumbnail
ආණ්ඩුවේ අය ආපදාව විහිළුවට අරගෙන..ජනතාව අදටත් කඳවුරුවල..මේ අහිංසක ජනතාව ගම්වලට යවන්න
04:53
Video thumbnail
සජිත් කියන විදිහට ආර්ථිකය වට්ටන්න ඉඩක් නෑ..පුළුවන් විදිහට ආණ්ඩුවේ වගකීම අපි ගන්නවා
01:54
Video thumbnail
දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපතිතුමා, හි. නගරාධිපතිට අල්ලස් පැමිණිලි 15ක් දාලා..
05:59
Video thumbnail
Breaking News
04:20
Video thumbnail
හැම ත්‍රීවීල් එකකම තිබ්බේ මාලිමාව දිනවමු කියලා..දැන් දිනෙව්වා හරිනේ..සමහරුන්ගේ මොළේ කිසිම දෙයක් නෑ
06:44
Video thumbnail
සමන්ත තමුන් අබින් කාලද ඉන්නේ..ඔය හිල වැහුවම ගලවන් යනවනේ
02:10
Video thumbnail
මේ වෙනස කරන්නේ ඒකාධිපති ක්‍රමවේදයකට..විශ්වවිද්‍යාල පනතක් නිසා සජිත් කුපිතවෙයි..
05:37


?