රන්පැටීගේ ගෝලයෝ අල්ලයි

මේ වනවිට විදේශගතව සිටින මහා පරිමාණ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන රන්පැටීගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වන පුද්ගලයින් තිදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් ව තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය දෙනියාය කඳවුර යටතේ පාලනය වන පුෂ්පාරාම උප කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (17) මිදිගම පොලිස් වසමේ ඉබිබාවල හන්දියේ දී වැටලීම් 03ක් සිදු කර මෙම සැකකරුවන් ව අත් අඩංගුවට ගැනුණා.

එහිදී සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී හෙළි ව ඇත්තේ රන්පැටී නමැති ජාවාරම්කරුගේ මත්ද්‍රව්‍ය ඉබ්බාවල ප්‍රදේශයේ පුරා බෙදා හරින්නේ මෙම සැකකරුවන් බවයි.

ඔවුන් ඉබ්බාවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19, 21 සහ 44 ක් වන අය බවත් හෙළි ව තිබෙනවා.

සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 07යි මිලි ග්‍රෑම් 780 ක් සහ ජංගම දූරකථන 02ක් ද සොයා ගැනුණා.

මිදිගම පොලිසිය විසින් වැඩිදුර මෙහෙයුම් සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"සහනයක් කිව්වට මේ දෙන්නේ ණයක්".. මහ බැංකු අධිපතිගෙන් ප්‍රබල ප්‍රකාශයක්
14:03
Video thumbnail
ආණ්ඩුව තමන්වම රවට්ටගන්නවා
02:34
Video thumbnail
බෙල්ලන හිටියා නම් රන්වලගේ වාර්තාව එළියට දානවා
12:09
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20


?