රන්පැටීගේ ගෝලයෝ අල්ලයි

මේ වනවිට විදේශගතව සිටින මහා පරිමාණ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන රන්පැටීගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වන පුද්ගලයින් තිදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් ව තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය දෙනියාය කඳවුර යටතේ පාලනය වන පුෂ්පාරාම උප කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (17) මිදිගම පොලිස් වසමේ ඉබිබාවල හන්දියේ දී වැටලීම් 03ක් සිදු කර මෙම සැකකරුවන් ව අත් අඩංගුවට ගැනුණා.

එහිදී සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී හෙළි ව ඇත්තේ රන්පැටී නමැති ජාවාරම්කරුගේ මත්ද්‍රව්‍ය ඉබ්බාවල ප්‍රදේශයේ පුරා බෙදා හරින්නේ මෙම සැකකරුවන් බවයි.

ඔවුන් ඉබ්බාවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19, 21 සහ 44 ක් වන අය බවත් හෙළි ව තිබෙනවා.

සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 07යි මිලි ග්‍රෑම් 780 ක් සහ ජංගම දූරකථන 02ක් ද සොයා ගැනුණා.

මිදිගම පොලිසිය විසින් වැඩිදුර මෙහෙයුම් සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35