ඔක්තෝම්බර් පළමු වනදා සිට සියලුම පොලිස් ස්ථාන මඟින් රථ වාහන වැරදි සම්බන්ධ දඩ මුදල් ගෙවීමට හැකි බව නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර පවසනවා.
ප්‍රවාහන අමාත්‍යාංශයේ අද (28) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව සඳහන් කළා.
ඒ අනුව ඕනෑම දිනක ඕනෑම වේලාවක රථ වාහන වැරදි සම්බන්ධ දඩ මුදල් පොලිස් ස්ථාන මඟින් ගෙවීමට හැකි බවයි ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ.













