රත්මලානේ ගණිකා නිවසක් වටලා කතුන් හතරක් අත්අඩංගුවට

රත්මලාන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවසක් ඊයේ (03) පස්වරුවේ පොලිඉසිය විසින් වටලා තිබෙනවා.

එහිදී කාන්තාවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති අතර, සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් ඔවුන් මෙම ගණිකා නිවස පවත්වාගෙන ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

එම ස්ථානයේ කළමනාකාරිණිය ලෙස කටයුතු කළ තැනැත්තියක් සහ එය පවත්වාගෙන යාමට සහාය සැපයූ තවත් කාන්තාවන් තිදෙනෙක් මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

මෙම සැකකාරියන් අවුරුදු 19ත් 44ත් අතර වයස් සීමාවල පසුවන්නියන් බවයි වාර්තා වන්නේ.

මොවුන් වීරකැටිය, රත්නපුර, මීගමුව සහ කුරුණෑගල යන ප්‍රදේශවල පදිංචිකාරිනියන් බවටයි හඳුනාගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකාරියන් සිව්දෙනා අද (04) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
5
අවුල් වගේ !
3
හරි හිනා !
8
හම්මෝ !
2
මාර දුකයි !
12
මලපනිනව !
5
කුජීතයි !
6
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?