Empty Ad
AFC Banner
Empty Ad

රටේ තත්ත්වයට මහ බැංකුවේ විශාල නිලධාරීන් පිරිසක් වගකිව යුතුයි – වජිර අබේවර්ධන

මහ බැංකුව මූල්‍ය බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් සමස්ථ රටක් අසාර්ථකත්වයට පත් වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

රටේ ඇතිවී ඇති තත්ත්වයට මහ බැංකුවේ විශාල නිලධාරීන් පිරිසක් වගකිව යුතු බවයි ඔහු සඳහන් කළේ.

ඔහු මේ බව පැවසුවේ රජය විසින් ප්‍රකාශයට පත් කළ මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත්කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.

මෙහිදී අදහස් ලබාගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සහ හිටපු රාජ්‍ය අමාත්‍ය හා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කැදවා තිබුණා.

මෙහිදී මූල්‍ය බංකොලොත්භාවය සම්බන්ධ‌යෙන් 2022 සැප්තැම්බර් 01 දින සහ 2023 පෙබරවාරි 10 දින පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන කළ ප්‍රකාශ සම්බන්ධයෙන් විමසා තිබෙනවා.

මෙහිදී අදහස් දක්වමින් වජිර අබේවර්ධන මහතා පෙන්වා දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මූල්‍ය පාලන බලය පාර්ලිමේන්තුව සතු වන බවත් වැරදි ක්‍රියාවලියකට අනුව 2022.04.12 දින මහ බැංකුව විසින් මෙරට මූල්‍ය බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කළ බවයි. මේ හේතුවෙන් සමස්ථ රටම අපහසුතාවයට පත්වූ බවයි ඔහු කියාසිටියේ.

විශේෂයෙන්ම 2022 වසරේ පළමු කාර්තුවේදී ඩොලර් බිලියන 3.9ක් ගෙවීමට තිබුණ බවත් 2022 අප්‍රේල් 08 වන විට ඩොලර් බිලියන 3.2ක් ගෙවා තිබූ බවත් වජිර අබේවර්ධන මහතා සඳහන් කළා. මේ අනුව අප්‍රේල් 12 දින වන විට ඩොලර් මිලියන 70ක් පමණ චීනයට ගෙවීමට තිබුණ බවත් මෙම වපසරිය තුළ අප්‍රේල් 12 දින කිසිදු විපරමකින් තොරව මහ බැංකුව විසින් මූල්‍ය බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කළ බවයි හෙතෙම පෙන්වා දුන්නේ. මෙය වැරදි ක්‍රියාවලියක් බවත් මෙය සිදු නොවිය යුත්තක් බවත් මේ අවස්ථාවේ පෞද්ගලික අංශයෙන් සහය ලබාගෙන මෙම මුදල් ගෙවීමට හැකියාව තිබුණ බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

මේ හේතුවෙන් මෙම අවස්ථාවේ රටේ ඇතිවී ඇති තත්ත්වයට මහ බැංකුවේ නිලධාරීන් විශාල පිරිසක් වගකිව යුතු බවත් ඇතැම් පුද්ගලයින් මෙම අවස්ථාවේ ශ්‍රී ලංකාව පාර්ශ්වයේ නොසිටි බවත් හෙතෙම පෙන්වා දී තිබෙනවා. එබැවින් ශ්‍රී ලංකාව පැත්තේ හිටගන්න පුද්ගලයන් ඉහළ පුටුවල වාඩිකරීමට කටයුතු කළ යුතු බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මෙහිදී වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටියදී 2022 අප්‍රේල් 08 දින පාර්ලිමේන්තුවේ කරන ලද ප්‍රකාශයක් උපුටා දැක්වීමද සිදු කළා. තව ද මෑතකදී ඉදිරිපත් කළ මහබැංකු පනතට ශේෂ්ඨාධිකරණයෙන් සංශෝධන 70ක් පමණ ඉදිරිපත්වීම පිළිබඳව ද හෙතෙම මෙහිදී අදහස් දක්වා තිබෙනවා.

එසේම මෙහිදී අදහස් දක්වමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පෙන්වා දුන්නේ මූල්‍ය බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කිරීම දීර්ඝකාලීනව කණ්ඩායම් කිහිපයක් කළ උත්සාහයක ප්‍රතිපළයක් බවයි. නව මහ බැංකු අධිපතිවරයා පත්වී පළමු දිනයේම එනම් අප්‍රේල් මස 12 දින මූල්‍ය බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කළ බව ඔහු සඳහන් කළා. මෙය කිසිම ජාතික හෝ ආයතනික මට්ටමේ සාකච්ඡාවකින් තොරව සිදු කළ ණය පැහැරහැරීමේ ප්‍රකාශයක් බවත් හෙතෙම ප්‍රකාශ කරනවා.

විශේෂයෙන්ම මෙහිදී අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රධාන කරුණු 3ක් පිළිබඳ කතා කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ අනුව 2022 අප්‍රේල් 12 දින මූල්‍ය බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කිරීම, බංකොලොත්භාවයට ගෙනයෑම සිදු වූ ආකාරය සහ රුපියලේ අගය පහළ වැටීම යන කරුණු පිළිබඳ මෙහිදී සාකච්ඡා කරන බව හෙතෙම පෙන්වා දෙනවා. මෙහිදී දීර්ඝ වශයෙන් 2022 අප්‍රේල් 12 දින මූල්‍ය බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කිරීම සිදු වූ ආකාරය සම්බන්ධයෙන් අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙදින පැහැදිලි කළ අතර කාලසීමාව ප්‍රමාණවත් නොවන නිසා ඉදිරි දිනකදී අනෙකුත් කරුණු දෙක පිළිබඳව පැහැදිලි කිරීමට බලාපෙරොත්තු වන බවයි කියාසිටියේ.

මෙහිදී කාරක සභාවේ සභාපති සාගර කාරියවසම් විසින් රටට අසීරු අවස්ථාවකදී මහබැංකු අධිපතිවරයා පලාගියේ යැයි මතයක් ඇති බවත් ඒ සම්බන්ධයෙන් පිළිතුරක් දීමට අවශ්‍ය බවත් ප්‍රකාශ කළා. මෙහිදී අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවේ 2022.04.03 දින සියලු කැබිනට් අමාත්‍යවරුන් රැස්වී කැබිනට් මණ්ඩලය ඉවත්වීමට තීරණයක් ගත් බවත් මේ අවස්ථාවට තමන්ද කැඳවා තිබූ නිසා තමන්ටද ඒ තීරණය ගැනීමට සුදු වූ බවයි. නමුත් මෙහිදී පලායෑමක් සිදු නොවූ බවත් හෙතෙම පෙන්වා දෙනු ලැබුවා.

මෙහිදී කාරක සභාවේ සභාපති සඳහන් කළේ අනාගතයේදී මෙවැනි දෙයක් සිදු නොවීමට මෙම කාරණය සම්බන්ධයෙන් අවබෝධයක් ලබාගැනීම වැදගත් වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්ද වදකාගාරය පොලීසියට සම්බන්ධයි - තිත්ත ඇත්ත මෙන්න
10:05
Video thumbnail
KASTHIRAMA | බටලන්ද දුක් කන්ද කොයිබටද ? විශේෂ කස්තිරම දේශපාලන වැඩසටහන සජීවීව
01:27:01
Video thumbnail
මහජන මුදල් හොරා කාපුවා - තාජුඩීන් ගැන හොයනවා කියලා ආවේ - දැන් බටලන්දක් අල්ලගෙන දඟලනවා
07:15
Video thumbnail
අම්බලන්ගොඩ රත් කළ වෙ#ඩිල්ල - බුදුන් පාමුල නිරුද්ධ කළ ප්‍රාණය
02:44
Video thumbnail
බටලන්දට විතරක් - ඉර එලිය වැටිලා වැඩක් නෑ - උවිඳු විජේවීර ආණ්ඩුවට වටෙන් ඇන්න ටොක්ක
10:03
Video thumbnail
ජනපති අනුර කුමාර දිසානායකගේ සහභාගීත්වයෙන් විශේෂ ඉෆ්තාර් උත්සවයක්
02:57
Video thumbnail
කුණ්ඩසාලේ බලය සජබය අතට ගනී
11:43
Video thumbnail
හැටන් ස්ටේෂන් එකේ එක විජ්ජුම්බරයයි - අග ඉඳලා මුලට වෙච්ච සිදුවීම මෙන්න
04:49
Video thumbnail
කිරිඇල්ලගේ දුව නුවර බලය අල්ලන වැඩේට අත ගහයි
06:49
Video thumbnail
බටලන්ද වාර්තාව ආවා විතරයි ගැමුණුත් වාර්තාවක් එළියට දායි
14:33

?