රජයේ වෛද්‍යවරු හෙට සිට අඛණ්ඩ වැඩ වර්ජනයක

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (24) දිනයේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

රජය විසින් ලබාදීමට තීරණය කර ඇති DAT දීමනාව ජනවාරි මාසයේ සිට ලබානොදීමට තීරණය කිරීමත් සමඟ මෙම වැඩ වර්ජන ක්‍රියාමාර්ගයට එළඹීමට තීරණය කළ බවයි එම සංගමය පවසන්නේ.

වෛද්‍යවරුන් වෙත ලබාදීමට තීරණය කළ රුපියල් 35,000ක දීමනාව තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව දන්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනගේ අත්සනින් යුතුව අද (23) නිවේදනයක් නිකුත් කළා.

අදාළ නිවේදනයේ දැක්වෙන්නේ මහා භාණ්ඩාගාරය විසින් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කර නොමැති බවයි.

ඒ, අනුව මහා භාණ්ඩාගාරය මෙම ගැටලුව කඩිනමින් නිරාකරණය කරගන්නා තෙක් මෙම ගෙවීම තාවකාලිකව නතර කිරීමටයි තීරණය කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්
00:29
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05