2027 අයවැයෙන් පාසල් දරුවන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා බදු සහන ලබාදීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලීමක් කරනවා.
මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින රී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමුකරමින් මෙම ඉල්ලීම සිදුකර තිබෙනවා.
පාසල් දරුවන්ගේ අධ්‍යාපන වියදම් සහ පවුල්වල ජීවන වියදම ඉහළ යමින් පවතින පසුබිමක, පාසල් පොත්, ලිපිද්‍රව්‍ය, උපකරණ සහ දරුවන්ගේ පෝෂණයට අදාළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා බදු සහනයක් ලබාදීම ජනාධිපතිවරයා මැතිවරණ සමයේ දී ජනතාවට පොරොන්දු වූ බවයි මන්ත්‍රීවරයා සිය ලිපිය මඟින් සිහිපත් කර ඇත්තේ.
පාසල් පොත් හා අභ්‍යාස පොත්, පාසල් ලිපිද්‍රව්‍ය හා උපකරණ, දරුවන්ගේ පෝෂණයට අදාළ අත්‍යවශ්‍ය ආහාර, දේශීය කිරි හා බිත්තර,ළදරු හා ළමා පෝෂණයට අදාළ අත්‍යවශ්‍ය ආහාර සඳහා පවතින VAT සහ අනෙකුත් අදාළ බදු බර නැවත සමාලෝචනය කර, රටේ ජනතාවට පොරොන්දු වූ පරිදි සියලු බදු 2027 අයවැයෙන් ඉවත් කරන ලෙසයි ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.











