රක්ෂිතයක් තුළ බිරිඳව ඝාතනයකර සැමියාත් පිහියෙන් ඇණගෙන

අනුරාධපුර, කොරකහවැව ප්‍රදේශයේ රක්ෂිතය තුළ තම ස්වාමියා විසින් බිරිඳට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඔහුද එම පිහියෙන්ම ඇණගෙන තුවාල සිදුකරගෙන තිබෙනවා.

ස්වාමියා බිරිඳ සමඟ අද පෙරවරුවේ යතුරුපැදියකින් මෙම රක්ෂිතය වෙත ගොස් ඇති අතර එහිදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

සැමියාගේ තියුණු ආයුධ ප්‍රහාරයට ලක්වූ බිරිඳ එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තුවාල ලැබූ සැමියා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

මෙම ඝාතනයට හේතුව පුද්ගලික ආරවුලක් බවට පොලිසිය සැකපල කරන අතර, මෙසේ මිය ගොස් ඇත්තේ උලුක්කුලම ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි තිදරු මවක් වන අශෝකා කුමාරි රඹුක්වැල්ල නැමැති කාන්තාවක්.

මළ සිරුර මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත රැගෙන යෑමට නියමිතයි.

සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ අනුරාධපුර පොලිසිය විසින් සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08