යූ ටියුබ් ක්‍රියාකාරී සුදත්ත තිලකසිරිට එරෙහි පෙත්සමකට දින නියම වෙයි

අධිකරණයට අපහාස කළේ යැයි යූ ටියුබ් මාධ්‍යවේදියෙකු වන සුදත්ත තිලකසිරි මහතාට එරෙහිව හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් ගොනු කර තිබෙන පෙත්සමක් පෙබරවාරි මස 07 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

මෙම පෙත්සම අද (28) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ කේ.එම්. ඒම්. දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරය සමථයට පත් කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් වී තිබෙන බව සඳහන් කළා.

එවැනි සමථයක් ඇති නොවන්නේ නම් මෙම පෙත්සම කරුණු තහවුරු කිරීමට තමා කටයුතු කරන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියා.

මෙහිදී වග උත්තරකර සුදත්ත තිලකසිරි මහතා වෙනුවෙන් නීතිඥ උදාර මුහන්දිරම් මහතා සමග පෙනී සිටි ජනාධිපති නීතීඥ රියන්සි අර්සකුලරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ සමථය පිළිබඳ ව කරුණු ඉදිරිපත් කිරීමට දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.

ඒ පිළිබඳව අධ්‍යයනය කර කරුණු දක්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව අදාල පෙත්සම පෙබරවාරි මස 07 වනදා යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළා.

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සිය පෙත්සමෙන් කියා සිටින්නේ වගඋත්තරකරු විසින් පවත්වාගෙන යන යූටියුබ් නාලිකාව ඔස්සේ ඔහු විසින් සිදුකළ ප්‍රකාශවලින් අධිකරණයට අපහාසයක් සිදු වී තිබෙන බවයි.

ඒ අනුව 2024 අංක 08 දරණ අධිකරණ ආයතනවලට අපහාස කිරීම සම්බන්ධයෙන් වූ පනත යටතේ ඔහු වරදක් සිදු කර ඇති බවත් ඒ අනුව නඩු විභාගයක් පවත්වා සුදුසු නීතිමය පියවර ගන්නා ලෙසත් ඉල්ලමින් මනුෂ නානායක්කාර මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17