ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් ඇතුළු පිරිසක් අද (06) ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රාන්චේ (Marc-André Franche) හමුවුණා.
ප්රජාතන්ත්රවාදය, නීතියේ ආධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය සහ රට තුළ ක්‍රමිකව වර්ධනය වන ඒකාධිපතිවාදය පිළිබඳව කොළඹ සිටින තානාපතිවරුන් සහ ජාත්‍යන්තර ප්‍රජාවේ නියෝජිතයන් සමඟ අප පවත්වන සාකච්ඡා මාලාවේ කොටසක් ලෙස, මෙම හමුව පැවැත්වුණු බවයි, පොදුජාන පෙරමුණ පවසන්නේ.
මෙම හමුව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජිව එදිරිමාන්න සහ දේශපාලන ක්‍රියාකාරී මිලින්ද රාජපක්ෂ සහභාගී වී සිටියා.










