මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් කිරීම පිළිබඳ ඵලදායි සාකච්ඡාවකට සූදානම්

අමෙරිකාවේ වොෂින්ටන් නුවර දී හෙට (15) ඇරඹෙන ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වසර මැද සමුළුවේ දී මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් කිරීම පිළිබඳ ඵලදායී සාකච්ඡාවක නිතරවීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ හවුල්කාරීත්වය සහ සාමූහක ප්‍රයත්නයන් තුළින් ශ්‍රී ලංකාවට වඩාත් දීප්තිමත් ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමට අවශ්‍ය වටපිටාව මෙම සමුළුව මගින් හැකි වනු ඇති බවයි.

අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

“2022 දී අප රට මුහුණ දුන් ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ අනෙකුත් ජාත්‍යන්තර හවුල්කරුවන් විසින් ලබා දුන් සහයෝගය, ශ්‍රී ලංකාව වර්ථමානයේ ලගා කරගෙන ඇති ස්ථාවරත්වය සහ ප්‍රගතියට මූලික හේතුවක් බව නොරහසකි.
වර්තමානයේ දිනෙන් දින වෙනස් වන ගෝලීය ආර්ථික හා දේශපාලනික පරිසරය විසින් ඇතිකරන ආර්ථික අභියෝගවල මුහුණදීමට සහ රටක් ලෙස ආර්ථික වර්ධනය කරා යන ගමනේදී ඇතිවන ගැටලුවලට මුහුණදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ අපගේ අනෙකුත් හවුල්කරුවන් සමඟ පුළුල් ආර්ථික සහයෝගීතාවයෙන් කටයුතු කිරීම අපගේ මූලික අරමුණ වන අතර, ආර්ථික ස්ථාවරත්වය, තිරසාර වර්ධනය, ණය තිරසාර බව ප්‍රතිෂ්ඨාපනය කිරීම සහ සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුගේම ආර්ථිකය හා සුබසාධනය වැඩිදියුණු කිරීම සඳහා අත්‍යවශ්‍ය අරමුදල්වල මීළඟ වාරිකය ලබාගැනීමට සහ කඩිනමින් ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කිරීමට ඵලදායී සාකච්ජාවල නිරත වීමට අප මෙහිදී අපේක්ෂා කරනවා.
හවුල්කාරිත්වය සහ සාමූහික ප්‍රයත්නයන් තුළින් ශ්‍රී ලංකාවට වඩා දීප්තිමත් ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමට හැකි බව රජයේ විශ්වාසයවන අතර ඒ වෙනුවෙන් එළෙබෙන 15 වන දින ඇරඹෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ “වසර මැද සමුළුව” හරහා හැකි වනු ඇති.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.23
00:00
Video thumbnail
නවුෆර් මවුලවි ඇතුළු වරදකරුවන් බන්ධනාගාරයට යද්දී වුණ දේ..
01:32
Video thumbnail
වසර 220කට වැඩි සිර දඬුවම් නියම වූ පාස්කු වරදකරුවන් 15 දෙනාවම බන්ධනාගාරයට රැගෙන ගිය හැටි
00:40
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.22
52:18
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53