මෙම වසරේ දැකගත හැකි ප්‍රධානතම උල්කාපාත වර්ෂාවක් අද (17) රාත්‍රියේ දැකගැනීමට හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ ගිහාන් වීරසේකර පවසනවා.
‘ලියොනිස්ට්’ ලෙස නම්කර ඇති මෙම උල්කාපාත වර්ෂාව, රාත්‍රියේ සිට පසුදා අලුයම් කාලය දකවා නැගෙනහිර අහස නිරීක්ෂණය කිරීමේ දී මෙම උල්කාපාත වර්ෂාව දැකබලා ගත හැකි බවයි ඔහු සඳහන් කළේ.
එමෙන්ම මෙම උල්කාපාත වර්ෂාව ආශ්‍රිතව අඟහරු සහ බ්‍රහස්පති යන ග්‍රහලෝක දෙකකම දැකගත හැකි බව ද අභ්‍යවකාශ විද්‍යාඥ ගිහාන් වීරසේකර වැඩිදුරටත් පවසනවා.
