spot_imgspot_img

මුරවත්තේ කබරයා පොලිස් සිර මැදිරියේදී තුවාල සිදුකර ගනී

කළුතර බන්ධනාගාර නිලධාරීන් භාරයේ සිටියදී පළා ගිය සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන පානදුර උතුර පොලිස් සිර මැදිරියේ රදවා සිටියදී හිස සිරමැදිරියේ යකඩ දොරෙහි වද්දා තුවාල සිදුකර ගැනීම හේතුවෙන් පානදුර මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මුරවත්තේ කබරයා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන සැකකරු පානදුර මුරවත්ත ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙක්.

රන්මාල කොල්ලකෑම් ඇතුළු අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටි සැකකරු මීට මාස කිහිපයකට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු කළුතර මල්වත්ත රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා තිබුණා.

එහිදී අසනීප වීම හේතුවෙන් කළුතර ශික්ෂණ රෝහලට ඇතුලත් කර බන්ධනාගාර නිලධාරීන් භාරයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පැනගොස් සැඟව සිට ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

සැකකරු ඊයේ (06) පානදුර දිග්ගල ප්‍රදේශයේ රැඳී සිටින බවට ලැබුණු තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් ඔහු අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්.

ඒ අනුව සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා පානදුර උතුර පොලිස් සිරමැදිරියේ රඳවා සිටියදී එහි යකඩ දොරෙහි හිස වද්දාගෙන තුවාල සිදුකරගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

අනතුරුව පානදුර මූලික රෝහලට ඇතුලත් කළ සැකකරු විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
8
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?