AFC Banner
AFC Banner
Empty Ad

මී උණ පාලනය වෙද්දී ඩෙංගු යාපනය ගිල ගනියි

යාපනය දිස්ත්‍රික්කයේ මී උණ මේ වනවිට සෞඛ්‍ය අංශ එක් ව ක්‍රමයෙන් පාලනය කර තිබුණ ද, ඩෙංගු උණ හිස ඔසවමින් සිටින බවට වාර්තා වනවා.

මේ වනවිට (01) එම දිස්ත්‍රික්කය තුළ ඩෙංගු රෝගීන් වාර්තා වීමේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඒ. කේදීස්වරන් මහතා පැවසුවේ.

යාපනයේ පිහිටි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

මී උණට සාපේක්ෂව 2024 නොවැම්බර් මාසයේ සිට ඩෙංගු රෝගීන් 134 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි වෛද්‍ය අධ්‍යක්ෂවරයා පැවසුවේ.

මෙම තත්ත්වය දෙසැම්බර් මාසය වන විට තවත් ඉහළ ගොස් ඇත්තේ එම රෝගීන් සංඛ්‍යාව 241ක් බවට පත් කරමින්.

දෙසැම්බර් මාසයේ අවසාන සතිය තුළ පමණක් රෝගීන් 50 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.

එය බරපතළ තත්ත්වයක් බවයි යාපනය දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසුවේ.

2024 වසරේ යාපනය දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 5890 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ම එක් මරණයක් ද වාර්තා වී තිබෙනවා.

මේ හේතුව මත ඩෙංගු උවදුර මර්දනය කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දසත බෝපත නවම් පුන් පොහෝදා ධර්ම දේශනය - සජීවී ව
56:21
Video thumbnail
පුතානෝ - සීයා - සිරිසේන එකම වේදිකාවේ පෙරහැර බලනවා
02:20
Video thumbnail
මහියංගනය නගරය මැදට අලියෙක් කඩාවැදෙයි - නගරයම නොසන්සුන්
02:38
Video thumbnail
කසාද බැඳලා වෙඩින් ෆොටෝ ටික ගෙදර ගේන්න කලින් කසාදය - දෙදරලා ගිහින්
03:30
Video thumbnail
ලුණුයි බතුබතුයි කමු කියලා ඇවිල්ලා - නෝනව මැදපෙරදිග යවනවනම් - ඒ පිරිමයට කෂේරුකාවක් නෑ
04:07
Video thumbnail
මේ අයවැයෙන් බදු සහන දෙන්න වෙන්නේ නෑ - නියෝජ්‍ය ඇමති චතුරංග කියයි
05:37
Video thumbnail
ජනපතිගෙන් ලෝක නායකයන්ට ආරාධනාවක් #anurakumaradissanayake #npp #shortsvideo
00:20
Video thumbnail
පොලීසියෙන් ගුටි කා අවසන් ගමන් ගිය තරුණයාගේ නිසල දේහය නිවසට
01:37
Video thumbnail
ලංකාවේ ගිනි ගානට විකිණෙන වාහන ලංකාවට එන ඇත්තම මිල මෙන්න - Exclusive
02:48
Video thumbnail
ආණ්ඩුවට බනිනවට ගොවියන්ට හොඳටම තදවෙයි
06:38

?