මිල සංශෝධනයක් අපේක්ෂාවෙන් පිරවුම්හල් කළ වංචාවක් ඇමති කංචන හෙළි කරයි

ලබන මාසයේ මුල සිදු කෙරෙන ඉන්ධන මිල සංශෝධනය අපේක්ෂාවෙන් ඉන්ධන පිරවුම්හල් හිමිකරුවන් රැසක් සියයට 50ක තොග පවත්වා ගැනීම සඳහා ඇණවුම් ලබාදී නොමැති බව අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ ලබන මාසයේ ඉන්ධන මිල සංශෝධනය අපේක්ෂාවෙන් පිරවුම්හල් 162කින් මෙලෙස ඇනවුම් ලැබී නොමැති බවයි.

ඔක්ටේන් 92 පෙට්‍රල් සඳහා ඉන්ධන පිරවුම්හල් අලෙවි නියෝජිතයින් 101ක් සහ ලංකා ඔටෝ ඩීසල් සඳහා ඉන්ධන පිරවුම්හල් අලෙවි නියෝජිතයින් 61ක් ඊයේ වන විට 50%ක තොග ධාරිතාවක් පවත්වා ගෙන යාමට ප්‍රමාණවත් ඇණවුම් ලබා දී නොමැති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දන්වා ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

පසුගිය මාසයේදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අවම තොග පවත්වා ගෙන නොගිය ඉන්ධන පිරවුම්හල් කිහිපයක කළමනාකාරිත්වය පවරා ගනු ලැබූ අතර තවත් බොහෝ අලෙවිකරුවන් සම්බන්ධයෙන් නීතිමය කටයුතු ද ආරම්භ කරනු ලැබුවා.

ප්‍රමාණවත් තොග තබා ගැනීම සඳහා ඇණවුම් කරන ලෙස සියලුම ඉන්ධන පිරවුම්හල් අලෙවි නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටින අතර සංස්ථාව සතුව බෙදාහැරීම සඳහා ප්‍රමාණවත් ඉන්ධන තොග ඇති බවයි බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

ඊයේ වන විට අවම තොග පවත්වා ගෙන ගොස් ඇණවුම් ලබා නොගත් CPC අලෙවිකරුවන්ගේ ලැයිස්තුව ද අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Kanchana0
Kanchana1
Kanchana2
Kanchana3


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28