මිරිහානේ ගෝඨාභයගේ ගෙදර වටලන එක ගැන බුද්ධි අංශ වෙත තොරතුරු ලැබුණේ නෑ – නීතිපති

2022 වසරේ අරගලය පැවති සමයේ මිරිහානේ පිහිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවස අසල පැවති උද්ඝෝෂණ හා කළහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් ඊට පෙර බුද්ධි තොරතුරු ලැබී නොතිබූ බව නීතිපතිවරයා ඊයේ(18) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

එම උද්ඝෝෂණවල දී තමන්ව අත්අඩංගුවට ගැනීමට එරෙහි ව අරගලකරුවන් පිරිසක් විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් ඊයේ විභාගයට ගත් අවස්ථාවේ දී විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු යසන්ත කෝදාගොඩ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මේ බව කියා සිටියා.

මෙම පෙත්සම් ඊයේ විජිත් මළල්ගොඩ සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම අධිකරණය හමුවේ කරුණු දක්වමින් මුලින්ම අදාළ උද්ඝෝෂණය ආරම්භ වූ ආකාරය විස්තර කර සිටියා.

එම අවස්ථාවේදී රජයේ නීතිඥවරයා වෙත ප්‍රශ්නයක් යොමු කළ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු යසන්ත කෝදාගොඩ මෙම උද්ඝෝෂණය ඇරඹීමට පෙර ඊට අදාළ ව බුද්ධි අංශවලට තොරතුරු ලැබූ තිබුණේ දැයි විමසා සිටියා.

ඊට පිළිතුරු දෙමින් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා කියා සිටියේ එවැනි බුද්ධි තොරතුරක් ආරක්ෂක අංශ වෙත ලැබී නොතිබූ බවයි.

ඉන් අනතුරුව රජයේ නීතිඥවරයා විසින් මෙම උද්ඝෝෂණයට අදාළ වීඩියෝ පට විවෘත අධිකරණයේ ප්‍රදර්ශනය කරමින් කරුණු ඉදිරිපත් කළා.

ඉන් අනතුරුව වැඩිදුර පෙත්සම් විභාගය කල් තැබුණා.

2022 වසරේ මාර්තු මස 31 වනදා මිරිහානේ පිහිටි එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික නිවස අවට පැවැති උද්ඝෝෂණවල දී තමන්ව අසාධාරණ ලෙස අත්අඩංගුවට ගැනීම තුළින් පොලිසිය සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා අරගලකරුවන් පිරිසක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
5
+1
0
+1
4
+1
2
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිලුම්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයට දිලුම් සමාව ගයි..මට ලැබුණු ආරංචිය තමයි මම කිව්වේ
03:11
Video thumbnail
අනුර කුමාරට ගෝඨාභය මුණගැහෙයි - පරිස්සම් වෙන්න
03:58
Video thumbnail
හර්ෂට ලැබුණු විනාඩි 3න් ආණ්ඩුවට හොඳ පාඩමක් උගන්වයි
04:26
Video thumbnail
මස්කෙළියේ වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කරයි
02:44
Video thumbnail
ඉරාන්ගෙන් ක්‍රිකට් ව්‍යවස්ථාව ගැන විශේෂ ප්‍රකාශයක් - අපිට ආණ්ඩුවෙන් කිසිම බලපෑමක් නෑ
07:39
Video thumbnail
බල නහර ක#ගන්න එපා ජනාධිපතිතුමෝ - ප්‍රසාද් ජනාධිපතිගෙන් ඉල්ලයි
05:46
Video thumbnail
ලොරියක් අඩි 250ක ප්‍රපාතයකට පෙරළී සිදු වූ බිහිසුණු අනතුර
01:02
Video thumbnail
සලේ ඇත්තටම මේකට සම්බන්ධද ? සාටකත් ගෑවිලද ? නාමල් සියල්ලට පිළිතුරු දෙයි
02:09
Video thumbnail
"බෑග් එක ඇරලා බලද්දි අම්මගේ කකුල් දෙක දැක්කා"සීදූවම සලිත කළ සිද්ධියේ නවතම දර්ශන
05:43
Video thumbnail
චානකගෙන් භයානක හෙළිදරව්වක් - ආණ්ඩුවෙන් රට තුළට සුදු මැස්සෝ ගෙනල්ලා..?
06:25