මිරිස්ස – තල්අරඹ වෙරළ තීරයෙන් සොයාගත් උර 17 තුළ තිබී ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය බව ශ්‍රී ලංකා නාවික හමුදාව තහවුරු කර තිබෙනවා.
නාවික හමුදාව සහ වෙරළාරක්ෂක බලකාය එක්ව සිදු කළ මෙහෙයුමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය ඊයේ (28) සොයා ගැනුණා.
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය එක්ව සිදුකළ විශේෂ ඒකාබද්ධ මෙහෙයුමකදී, මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන උර 17ක් සොයාගැනුණු අතර, එම මත්ද්‍රව්‍ය අඩංගු උර තොගය රැගෙන ආ බවට සැක කෙරෙන ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් පලා යාමට තැත් කිරීමේදි අත්අඩංගුවට ගෙන තිබුණා.
එමෙන්ම මෙම මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කිරීමට එම ස්ථානයට පැමිණි බවට සැක කෙරෙණ වෑන් රථ දෙකක් සමඟ එක් සැකකාරියක් ද අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව නිවේදනය කළේ.
මෙම මෙහෙයුමත් සමඟ 2026 වර්ෂයේ මේ දක්වා සිදුකළ මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදාගත් යාත්‍රා 69ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව පවසන්නේ.
