මියන්මාර සරණාගතයින් හමුවීමට අවසර ඉල්ලා ජනපතිට ලිපියක්

මියන්මාරයේ සිට පැමිණි යාත්‍රාවක සිටි සරණාගතයින් 115 දෙනෙකු මුලතිව් වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගිය දා බේරාගත්තා.

එලෙස බේරාගත් මියන්මාර සරණාගතයින් පිරිස අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසු යාත්‍රාවේ කාර්යය මණ්ඩලයේ 12 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

අනෙකුත් සරණාගතයින් පිරිස මුලතිව් ගුවන් හමුදා කඳවුරේ මේ වනවිට රඳවා සිටිනවා.

එලෙස රඳවා සිටින මියන්මාර සරණාගතයින්ගේ තත්ත්වය පිළිබඳව සොයාබැලීම සඳහා ඔවුන් හමුවීමට අවසර ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ, මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විනිසුරු එල්. ටී. බී දෙහිදෙණියගේ අත්සනින් යුතුව ලිපියක් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත යොමුකරමින්.

මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපතිවරයාට යොමුකළ ලිපිය මෙතැනින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32