පුතාගේ උපන්දිනයට මියගිය පියාගෙන් තෑගි

ඉන්දියාවේ නව දිල්ලියේ කැන්ටන්මන්ට් මෙට්‍රෝ දුම්රිය ස්ථානය අසල ඊයේ (15) සිදු වූ රිය අනතුරකින් නව්ජොත් සිං නම් පුද්ගලයෙක්ට දිවි අහිමි වී තිබුණා.

එලෙස ඔහු ජීවිතක්ෂයට පත් වීමෙන් දිනකට පසු එනම් අද (16) දිනයේ ඔහුගේ පුතු වන නව්නූර් සිංගේ 22 වන උපන්දිනය යෙදී ඇති බවයි වාර්තාවන්නේ.

නව්නූර් සිංගේ උපන්දිනය වෙනුවෙන් ජිවිතක්ෂයට පත් වීමට පෙර පියා විසින් ඔහුව පුදුම කිරීම අරමුණ ඇතිව ඔහු වෙනුවෙන් ඇණවුම් කර තිබූ තෑගි කිහිපයක් නව්නූර් වෙත අද උදෑසන ලැබී ඇති බවට විදෙස් මාධ්‍ය පවසනවා.

ආහාර පිසීමේ කටයුතු සඳහා මෑතක සිට උනන්දුවක් දැක්වීම නිසා Air fryer වර්ගයේ උඳුනක් සහ කමිසයක් මෙලෙස උපන්දින තෑගි ලෙස නව්නූර් වෙත ලැබී ඇති බවයි පැවසෙන්නේ.

මියගිය පියාගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිත දිනයේ උදැසන කාලයේදීම මෙලෙස පියා විසින් ඔහු වෙනුවෙන් ඇණවුම් කළ උපන්දින තෑගී ලැබීම නිසා නව්නූර් සිං මහත් සංවේදීත්වයට පත්ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස ගැන මහා නාහිමියන් ආණ්ඩුවට කිව්ව දේ මෙන්න - "විරුද්ධ නෑ - සතුටු වුණා"
07:09
Video thumbnail
මහින්දගේ ලොකු පුතාටත් නඩු දාන්න කියන්නකෝ - එතකොට ඉවරයිනේ
00:45
Video thumbnail
පරිසරවේදින් හා සභාවේ සේවකයෙකු අතර උණුසුම් තත්ත්වයක් - "ගඟ බලන එකා මගේ අම්මට ###"
04:43
Video thumbnail
අජිත් ආණ්ඩුවට කට උත්තර නැති කරයි - බෝල්ට් ඇණයි තක්කාලියි වගේ - කිසි සම්බන්ධයක් නෑ
12:29
Video thumbnail
යෝෂිත සහ කරන්නාගොඩට අධිකරණයෙන් නියෝහයක්
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:17:34
Video thumbnail
159ගේම අත්වල දැන් ලේ තැවරී තියෙනවා
09:15
Video thumbnail
අනේ නාමල් දුවන්න එපා - පොඩ්ඩක් ඉන්නකෝ
10:20
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57