මිදිගම නිවසකට වෙඩි තැබීමට වෙඩික්කරුවන් ආ යතුරුපැදිය ගිනි තබා තිබියදී සොයාගනී

මිදිගම, ගංගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසකට පෙරේදා (18) රාත්‍රියේ වෙඩි ප්‍රහාරයක් එල්ල කර මෝටර් රථයකට ගිනි තබා හානි කළ වෙඩික්කරුවන් පැමිණි බවට සැකකෙරෙන යතුරුපැදිය සොයාගෙන තිබෙනවා.

මිදිගම පොලිසිය විසින් එම යතුරුපැදිය සොයාගෙන ඇති අතර, එය සොයාගන්නා විටත් ඊට ගිනි තබා තිබූ බවයි වාර්තා වන්නේ.

ස්කූටර් වර්ගයේ මෙම යතුරුපැදියක් මිදිගම, සෙන්ට්‍රල් පාර්ක් ප්‍රදේශයේ පාලු ඉඩමක ගිනි තබා විනාශ කර තිබිය දී ඊයේ (19) රාත්‍රියේ පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙලෙස සොයාගෙන තිබෙනවා.

මිදිගම, ගංගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසකට පෙරේදා (18) රාත්‍රියේ පැමිණි දෙදෙනෙක් විසින් නිවසට T-56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර නිවසේ නවතා තිබූ මෝටර් රථයකට ද ගිනි තබා පළාගොස් තිබුණා.

කෙසේ වෙතත් මෙම වෙඩිතැබීමෙන් නිවසේ සිටි කිසිවෙකුටත් හානියක් සිදුව තිබුණේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !