spot_imgspot_img
spot_img

මා දැල් මාලු ආරවුල නිසා වෙඩි තැබීමක් -3ක් රෝහලේ

මාරවිල උතුරු මූදුකටුව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා තවත් අයෙකුට තියුණු ආයුධවලින් පහරදී තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

ඊයේ (11) සවස මාරවිල පොලිසියට ලැබුණු පණිවුඩයකට අනුවයි විමර්ශන ආරම්භ කර ඇත්තේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ බණ්ඩාරවත්ත ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකු මාරවිල රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ඔහුගේ මව ද කැපුම් තුවාල සහිතව මාරවිල රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩි තැබීම සිදු කළ මාරවිල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙක් ද මාරවිල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා.

සිද්ධිය වූ ස්ථානයේ තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ බෝර 12 වර්ගයේ හිස් පතොරම් කොපු දෙකක් සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සිදුවීමට හේතුව මා දැලකින් මාළු මිලදී ගැනීමට ගිය අවස්ථාවේ ඇති වූ ආරවුලක් බවට හෙළිවී තිබෙනවා.

සිද්ධියට තවත් පිරිසක් සම්බන්ධ බවට පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇති අතර මාරවිල පොලිසියයි විමර්ශන සිදු කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?