මා දැල් මාලු ආරවුල නිසා වෙඩි තැබීමක් -3ක් රෝහලේ

මාරවිල උතුරු මූදුකටුව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා තවත් අයෙකුට තියුණු ආයුධවලින් පහරදී තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

ඊයේ (11) සවස මාරවිල පොලිසියට ලැබුණු පණිවුඩයකට අනුවයි විමර්ශන ආරම්භ කර ඇත්තේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ බණ්ඩාරවත්ත ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකු මාරවිල රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ඔහුගේ මව ද කැපුම් තුවාල සහිතව මාරවිල රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩි තැබීම සිදු කළ මාරවිල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙක් ද මාරවිල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා.

සිද්ධිය වූ ස්ථානයේ තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ බෝර 12 වර්ගයේ හිස් පතොරම් කොපු දෙකක් සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සිදුවීමට හේතුව මා දැලකින් මාළු මිලදී ගැනීමට ගිය අවස්ථාවේ ඇති වූ ආරවුලක් බවට හෙළිවී තිබෙනවා.

සිද්ධියට තවත් පිරිසක් සම්බන්ධ බවට පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇති අතර මාරවිල පොලිසියයි විමර්ශන සිදු කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03